පාපන්දු ශූරයා ගමන් කළ යානාව මුහුදට කඩන් වැටිලා

ආජන්ටිනා ප්‍රකට පාපන්දු ශුරයකු වූ එම්ලියානෝ ශාලා ගමන් කළ කුඩා ගුවන් යානාව බ්‍රිතාන්‍ය ඇල්ඩර්නි ප්‍රදේශයේදී මුහුදට කඩා වැටී ඇත.

 මෙම යානාව කඩා වැටීමට පෙර ඔහු වට්‌ස්‌ ඇප් පණිවුඩයක්‌ මගින් තම මිතුරන් වෙත දන්වා ඇත්තේ යානාව කඩා වැටෙන බවත් තමාව සෙවීමට ක්‍රියා කරන ලෙත්ය.
වට්‌ස්‌ ඇප් මගින් ඔහු ජීවතුන් අතර සිටින අයුරු දක්‌වන ඡායාරූපයද මිතුරන්ට ලැබී ඇත.

බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවසූවේ ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් වර්ග සැතපුම් 1100 ක්‌ පුරා සෝදිසි මෙහෙයුමක්‌ දියත් කර ඇති බවය.

බ්‍රිතාන්‍ය වෙරළාරක්‍ෂක බලධාරීන් පැවසූවේ ඇල්ඩර්නි අසල ඔඩයට යානාවකින වැටුණු කිසිවෙක්‌ ගැලවෙන්නේ නැති බවය.

අවසන් වරට ශාලා එවා ඇති පණිවුඩයේ දැක්‌වෙන්නේ යානාව කඩා වැටෙන නිසා තමා බියට පත් වී සිටින බවයි. සාලා ගමන් කළ යානාව ෆයිබර් වර්ගයේ යානාවකි.
gossip lanka