‘පාඩුවෙ හිටපු අලියෙක් මෙල්ල කරන්න ගිය බිංදුට වැඩ වැරදුන හැටි‘‘ ෆේස්බුක් කැළඹූ වීඩියෝව මෙන්න

අලියෙකු මෙල්ල කිරීමට යන තරුණයෙකු එම අලියාගේ ප්‍රහාරයකට ලක්වන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා. අලියෙකු ඉදිරියට පැමිණෙන විට දකුණු අත ඔසවාගෙන  අලියා අසළට යාමෙන් එම අලියා මෙල්ල කළ හැකි බවට පවතින මතවාදයක් උත්සාහ කර බැලීමට යාමේදී මෙලෙස වල් අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුනේ.
පසුගිය කාලයේදී එම ආකාරයට කුඩා දරුවෙකු විසින් වල් අලියෙකු මෙල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ බොහෝ දෙනා ඒ ආකාරයට අලියන් මෙල්ල කිරීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර මීට සති කිහිපයකට පෙර යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම ප්‍රදේශයේ තරුණයෙකු මිය ගියා.

එම පුද්ගලයා මන්ත‍්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව සමත්කම් දැක්වූ පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

අදාල වීඩියෝව පහතින්.