gossip lanka

ජනාධිපති ට්‍රම්ප් වෙනිසියුලාවට නව ජනාධිපතිවරයකු නම් කරයි

වෙනිසියුලාවේ ජනාධිපති ලෙස විපක්‍ෂ නායක ජුවන් ගුවයිවෝ නම් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. වෙනිසියුලානු කොංග්‍රස්‌ සභාව පාලනය කරන්නේ ගුවයිවෝයි.

එසේම වෙනිසියුලාවේ තෙල් ක්‍ෂේත්‍රයට සම්බාධක පනවන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට පෙර වෙනිසියුලාවේ තාවකාලික ජනාධිපති ලෙස ගුවයිවො දිවුරුම් දී තිබේ. පසුගිය ජනවාරි 10 දා නිකුලස්‌ මදුරෝ දෙවැනි වරටත් වෙනිසියුලානු ජනාධිපති ලෙස දිවුරුම් දී තිබිණි.

 වෙනිසියුලානු දේශපාලන ක්‍ෂේත්‍රයේ නවකයකු වූ ගුවයිවෝට හමුදාවේ සහාය ලැබී නැත.

 එහෙත් ඇමරිකානු රජය පවසන්නේ මදුරෝට රටේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට බලයක්‌ නැති බවයි.
gossip lanka