දේශසීමා තාප්පය අත්නොහැරි බව ඇමෙරිකානු නායක ට්‍රම්ප් කියයි

එක්සත් ජනපද රජය තාක්ෂණික වශයෙන් අර්ධ අක්‍රීය තත්ත්වයකට පත්ව දින 18ක් ගතවන අවස්ථාවේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට ජාතිය අමතයි.

තමාගේ මැතිවරණ පොරොන්දුවක් ලෙස මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යන තාප්පය සඳහා අරමුදල් සපයා ගැනීම අරඹයා කොංග්‍රසය සමග පවතින මතභේදය මෙම අක්‍රීය තත්ත්වයට හේතුව විය.
කෙසේ වෙතත්, සිය කතාවේදී ට්‍රම්ප් අවධාරණය කර සිටියේ ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමා තාප්පය ඉදිකිරීම තමන් අත් නොහරින බවයි.

මෙම තත්ත්වය තුළ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු ජනතාව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ඩිමොක්‍රටික් නායකයෝ චෝදනා කරති.

එනමුදු, රිපබ්ලිකන් ජනපතිවරයා මෙම වානේ තාප්පය වෙනුවෙන් ඇ.ඩො.බිලියන 5.7ක අරමුදලක් අපේක්ෂා කළත්, කොංග්‍රසයේ බලය හිමි ඩිමොක්‍රටික්වරුන් මේ සඳහා අවස්ථාව නොදෙයි.