ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරය සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනපති දියණිය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස එම තනතුර සඳහා ඉදිරිපත්වීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකාවේ වත්මන් ජනපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්.
ඇය මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකවරියක ලෙස ද කටයුතු කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම තනතුර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනි නිකී හැලී ද ඉදිරිපත් වනු ඇති බවටයි.
නිකී හැලී පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති ධුරයෙන් ඉල්ලා අස්වූවා.
ලෝක බැංකු සභාපති ධුරයේ කටයුතු කළ ජිම් යොං කිම් පසුගිය සදුදා දිනයේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළා.
ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව
2019-01-15T21:42:00-08:00
Gossip Lanka Hot News
slide|