ට්‍රම්ප් - කිම් ජොං ආයෙත් හමුවෙන්න කැමතියිලු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර හමුවක් ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම හමුව පැවැත්වීම සඳහා දැනටමත් රටක් ද තෝරාගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යවමින් පවසන්නේ දෙරට නායකයන් අතර දෙවැනි හමුව වියට්නාමයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
පසුගිය ජුනි 12 වැනිදා පළමු වරට ට්‍රම්ප්-කිම් ජොං හමුව සිංගප්පූරුවේදී සිදු වූ අතර එම හමුව ඉතිහාසයට එක්වන්නේ ඇමරිකානු හා උතුරු කොරියානු නායකයන් පළමුවරට මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව ලෙසයි.

එම හමුවේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට දෙරටේ නායකයන් අපොහොසත් වූ අතර දෙවැනි හමුවේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ සාකච්ඡා සඳහා ප්‍රමුඛතාවය හිමිවනු ඇත.