gossip lanka

හිතක් පපුවක් නැති අමානුෂික මිනිස්සුන්ගෙ වැඩ නිසා මියගිය චාලිගේ කතාව - (Photos)

මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ භූමිතෙල් දමා "චාලි" නමැති ලැබඩෝර් වර්ගයේ අදාළ සුනඛයා මරා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර මේ සිදුවීම ගැන සමාජ මාධ්‍යයේද කතාබහට ලක්කෙරුණා. මුහුණුපොතේ එක් පිටුවක මෙවැනි සටහනක් දක්නට ලැබුණා.

මේ 2019 ආරම්භයේ දැකපු ඛේදවාචකයක්!!

අවුරුදු 2ක් පමණ වයසැති මේ ලැබ්‍රඩෝග් වර්ගයේ සුනඛයා අද පාන්දර කුඩුව අතුලේදිම පණ පිටින් කිසියම් තිරිසන් මිනිසෙකු/මිනිසුන් විසින් ගිනි තබා තිබෙනවා.මේ සිදුවීම මීගමුව ප්‍රදේශයේ සිදුවි ඇත්තේ. දරුනු ලෙස පණ පිටින් අමු අමුවේ පිලිස්සුනු මේ අහින්සකයා මේ වන විට මිය ගිහින්.

මේ සිදුවීම මිනිසෙක්ට වුනානම් නීතිය,සාධාරණය ගැන ඕන තරම් තර්ක පහල වේවි.
හිතන්න. මේත් ජීවිතයක්. වල් බල්ලෙක්ද, හොද බල්ලෙක්ද,හරකෙක්ද, පුසෙක්ද,අලියෙක්ද,ඌරෙක්ද, කුකුලෙක්ද කියන එක නෙමෙයි. මේ අපෙන් අයින් වෙන මනුස්සකම. සතෙක් ගැන පහල නොවෙන කරුණාව කිසිම දවසක ඔබ කෙරෙහි,ඔබේ දරුවා කෙරෙහි ඇති වේවිද.

තිරිසන් මිනිසාට මිනිසත්කම බලෙන් පෙවිය නොහැකි වුවත් නීතිය සතුන් වෙනුවෙන්ද ක්‍රියත්මක විය යුතුයි. මේ වෙනුවෙන් දණ්ඩන නීති පැනවිය යුතුයි.

මේ අපරාධය කරපු තිරිසන් මිනිසා කොහේ හෝ අවුරුදු සමරනව ඇති.සතුටු වෙනව ඇති. යාලුවා... ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය මෙහි කර්මය ඔබ වෙත ඉක්මනින් පැමිණේවා!!
gossip lanka