"දොර අරිනකොටම එයා හිටියේ ලේ ගොඩක් මැද.." - සුරූපී තරුණිය මානසික අසහනකාරයෙක්ගේ ගොදුරක් වූ හැටි

තිස් හැවිරිදි කාරා හේල්ස් (cara) අකාලයේ මරුමුවට පත්වීමට සුදුසු කෙනෙක් වුණේ නැහැ. ඕස්ට්‍රෙලියාවේ පර්ත් වලට උතුරෙන් පිහිටි මන්ස්ටර් නගරයේ පදිංචිකරුවන් අතර අතිමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට හැකි වූ ඇගේ අකල් මරණයත් ඇය ඝාතනය වී තිබූ ආකාරයත් මුළු මහත් ඕස්ට්‍රේලියාව පුරාම දැවැන්ත ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා.
“ඇය කොතැනකට හෝ පැමිණියහොත් එතැන සතුටින් මෙන්ම විනෝදයෙන් පිරී ඉතිරී යනවා. ඇයගේ වියෝව අපගේ ජිවිතවලට මහත් වූ වේදනාවක් ඇති කරවනවා..“ ඇගේ අකල් මරණය ඇසූ බොහෝ දෙනා පැවසුවා.

ඇය ලේ විලක් මැද වැටී සිටි ආකාරය මුලින්ම දැක තිබුණේ ඇයගේ සහයිකාව විසිනුයි. ඒ දහවල් 12ට පමණ කාරාගේ නිවසට ඇය පැමිණි මොහෝතේදී යි. ඒ දසුන දුටු ඇය වහාම පොලීසියට දැනුම් දුන් අතර ඇගේ සිරුර රෝහලට ගෙන ගියත් ඊට පැය කිහිපයකට පෙර ඇය මෙලොවින් සමුගෙන තිබුණා.

පසුගිය දෙසැම්බර් මාසයේ 22වන දින උදේ කාරා සිය නිවෙස තුළ කිසියම් වැඩක යෙදී සිටියදී කවුදෝ ඉදිරි දොරට තට්ටු කර ඇති අතර නිවෙසට පැමිණි පුද්ගලයා කවුදැයි බැලීසට යද්දි ඇය වෙත කඩා පැන්න ඔහු ඇයට පිහියකින් ඇන මරා දමා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වුණා.

මාධ්‍ය මඟින් මෙම ඝාතනයට විශාල ප්‍රතිචාරයක් ලබා දීමත් සමඟ ඕස්ට්‍රේලියානු රජයේ හා පොලීසියේ විශේෂ අවධානය ඇගේ මරණය වෙතට යොමු වුණා.

මන්ස්ටර් නගරයේ හෙන්ඩර්සන් මාවතේ පිහිටි කාරාගේ නිවසේ සිට මඳ දුරක් ඈතින් පිහිටි ළඳු කැලෑවක නිරුවතින් කලබල කරන පුද්ගලයකු සිටින බවට පොලීසියට තොරතුරක් ලැබුණේ ඔය අතරතුරයි. පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට යුහුසුළු වුණා. එහෙත් පොලීසිය දුටු වහාම ඔහු ළඳු කැලෑව අතරින් පැන ගැනීමට තැත් කළ අතර මහත් වෑයමක් යොදා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා.

ඩීබෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මන්ස්ටර් නගරයේ බටහිරින් පිහිටි ග්‍රේලන්ඩ්ස් රෝහලේ මානසික රෝගීයෙකු ලෙස ප්‍රතිකාර ලබා ඊට දින දෙකකට පෙර රෝහලින් පිටව පැමිණි තමා ඉන්පසු තාරා ඝාතනය කළ බවත්, ඔහු පොලීසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියා.

කාරා හා ඩීබෝ අතර යම් මිතුරුකමක් හෝ කිසියම් සබඳතාවයක් තිබුණේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරින්ට එවැනි සබඳතාවයක් ඔවුන් අතර නොතිබූ බවට කරුණු හෙළි වූ අතර ඒ අනුව මෙම ඝාතනය අරමුණක් නොමැති අහම්බෙන් සිදූ වූ එකක් බව පොලීසිය අනුමාන කළා.

විමර්ශනයේදී වැඩි දුරටත් හෙළි වූයේ ඩීබෝ ස්වේජ්චාවෙන් රෝහලේ මානසික වෛද්‍ය අංශයෙන් ප්‍රතිකාර ගත් අයෙකු බවයි.

කෙසේ වෙතත් මෙම මානසික රෝගීයා රෝහලෙන් නිදහස් කිරීම ගැන මතභේදාත්මක ප්‍රකාශ ඇති වූ අතර උතුරු මෙට්‍රොපොලිටන් සෞඛ්‍ය සේවයේ ප්‍රධාන විධායක රොබින් ලෝරන්ස් මහත්මිය මේ සම්බන්ධයෙන් පවසා සිටියේ සාමාන්‍යයෙන් මානසික රෝගීයකු රෝහලෙන් නිදහස් කිරීමට පෙර ගැඹුරු මනෝවිද්‍යාත්මක තක්සේරුවක් පවත්වනු ලබන බවයි. එහෙත් මෙම මානසික රෝගීයා පිළිබඳව එවැන්නක් සිදු කර ඇති බවක් පෙනෙන්නට නැති බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම කාරා ඝාතනය කිරීමට පෙර මෙම මානසිකා රෝගීයා කිසිවෙකුගේ හෝ නිවෙසක් විවර කර ගැනීම සඳහා ඒ අවට තිබූ නිවාස කිහිපයක දොරවලට ද තට්ටු කර තිබූ බවත් ඒ අවට වැසියන් පොලීසියට කියා තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු කලිසම් සාක්කුවලට දෑත් යවා ගෙන අවුල් වූ හිස කෙස් සහිතව උසාවියේ පෙනී සිටි බවත් එතැන දීද ඔහු හැසිරුණේ මානසික රෝගීයෙකු ලෙස බවත්, මාධ්‍ය වාර්තා කර තිබුණා.

කාරා හේල්ස්ගේ මරණ පරීක්ෂණය පවත්වා ඇගේ මරණය සිදු වූ ආකාරය සහිත වාර්තාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර නැවත එම නඩුව කැඳවන තුරු ඩීබෝ රිමාන්ඩ් භාරයට ගැණුනා.

මෙම මානසික රෝගීයා කුමන හේතුන් මත රෝහලෙන් නිදහස් කරනු ලැබුවේද යන්නත් ඔහු මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ සැලසුමකට අනුව ද යන කරුණු සලකා මෙම ඝාතකයාට දඬුවම් නියම කිරීම සිදු කරන බවත්, පොලීසිය මාධ්‍ය හමුවේ කියා සිටියා.

-රෝහණ ආර්යරත්න-