gossip lanka

"සීසීටීවි කැමරා වෙන පැත්තකට හරවා දත්ත ගලවාගෙන ගිහින්" අදහාගත නොහැකි සැලසුමකින් සිදු වූ බැංකු කොල්ලයක් !

තිස්සමහාරාම පන්නිගමුව ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් කඩා රුපියල් විසිහත් ලක්ෂ එකොළොස් දහස් හත්සිය පනස් හතරක මුදලක් කොල්ල කෑ පුවතක් වාර්තා වේ. මෙම බැංකු කොල්ලය සිදු කිරීමට අපූරූ සැලසුමක් මංකොල්ලකරුවන් විසින් යොදාගෙන තිබීමද විශේෂත්වයකි.

මෙම බැංකුවේ පිටුපස දොර කඩා ඇතුලු වූ මංකොල්ලකරුවන් එහි සේප්පුවේ තිබු රුපියල් විසිහත් ලක්ෂ එකොළොස් දහස් හත්සිය පනස් හතරක මුදලක් මෙලෙසින් මංකොල්ල කා තිබේ. මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ පන්නිගමුව හන්දියේ පිහිටි සිමාසහිත ප්‍රාග්ධන සමුපකාර බැංකුවයි.
පසුගිය 29 වැනි සෙනසුරාදා දහවල් 2.40ට පමණ වැඩ අවසන් වීමෙන් පසු එහි සේවකයන් බැංකුව වසා ගොස් ඇති අතර පසුව එහි සේවකයින් පෙරේදා (31) පෙරවරු 8.00ට පමණ නැවත බැංකුව විවෘත කර තිබේ. එහිදී බැංකුවේ පිටු පස දොර කඩා ගොඩනැගිල්ලට ඇතුළු වී සේප්පුව කඩා එහි තිබු මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බව දැක තිබේ.

සොරකම සඳහා පැමිණි පුද්ගලයන් බැංකුවේ සවිකර තිබු සීසිටීවි කැමරාද වෙනත් අතකට හරවා ඇති අතර ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කර තිබු සීසිටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද සොරකම් කරගෙන ගොස් තිබේ.

මෙම සොරකම පොලිස් නිළධාරීන් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබේ.
gossip lanka