එක්තැන් වූ අනූෂා සොනාලීට සජිත් ප්‍රේමදාස පිහිට වෙයි - (video)

කාලයක් සිංහල රිදී තිරයේ ප්‍රකටවූ සිනමා නිළි අනුෂා සොනාලි මහත්මියට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස විසින් නිවසක් ලබා දුන්නා. ඒ මොරටුව, අඟුලාන ‘සයුරුපුර‘ නිවාස සංකීර්ණයෙන් රුපියල් මිලියන 03ක් පමණ වටිනා නිවසක්.

අනුෂා හා ඇයගේ මව බලා ගන්නේ ඇයගේ පුතනුවන්. ඒ හේතුවෙන් ඔවුන්ට ශක්තියක් ලබා දීම පිණිස ඔහුට නිවාස ඉදිකිරීම්  අමාත්‍යංශයේ රැකියාවක් ලබා දීමටත් අමාත්‍යවරයා ඊයේ  කටයුතු කර තිබෙනවා.
මාංශපේශී ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් හේතුවෙන් මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවන ඇය පිලිසරණ ඉල්ලා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ ආයාචනාවන් කර තිබුනා. සිනමා නිළියක ලෙස ජනප්‍රිය චිත්‍රපට කිහිපයකටම දායකවූ අනුෂා පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වූ සහකරුවෙකු සමග සිටියදී අත්අඩංගුවට පත්ව දිගු කලක් සිරගතවද සිටියා. සිර දඩුවම් අවසන්වූ පසු නිදහස්වූ ඇය  නැවත රංගන කටයුතු සදහාත් සම්බන්ධ වුනා.

පසුව ඇය අසනීප තත්ත්වයට පත් වූ නිසා අසරණ වූ බවයි ඇය මාධ්‍යට සදහන් කර සිටියේ.