සුපිරි නළුවා කිරියෙන් නාවන්න ගිහින් වෙච්ච දේ - (video)

ඉන්දියාවේදී නවතම චිත්‍රපටයක් එළිදැක්වීමේදී චාරිත්‍රයක් වශයෙන් එහි රංගනයෙන් දායකත්වය ලබාදෙන නළුවාගේ උසින් වැඩි රූපයකට මල්මාලා දමා කිරිවලින් නැහැවීම සිදුකරනවා.

එවැනි අඩි 50ක් පමණ උසකින් යුක්ත ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් වන අජිත් කුමාර්ගේ ඡායාරූපයකට කිරියෙන් නාවා මල්මාලා දමන්න ගිය පිරිසක් අනතුරට ලක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
මේ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ විලුපුරම් ප්‍රදේශයෙන්.

අජිත් කුමාර්ගේ නවතම චිත්‍රපටයක් වන Viswasam එළිදැක්වීමේ අවස්ථාවකදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තාවුණේ.

එම අනතුරින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා විලුපුරම් රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා.

අදාළ වීඩියෝව පහතින්.
gossip lanka