බිරිද මිය ගිය සොවින් සිටි ගුවන් හමුදා නිලධාරියාත් සිය දිවි හානි කරගනී

හිටපු ගුවන් හමුදා නිලධාරියකු අධික ලෙස බෙහෙත් පානය කර සියදිවි නසා ගැනීමේ සිද්ධියක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කහතුඩුව, කොස්‌හේන පදිංචිව සිටි හසිත සමන් කුමාර ගමගේ (38) නමැති නිලධාරියෙකි.
මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර, එහිදී සාක්‍ෂි දුන් ඥනසිරි ගමගේ (67) යන අය පවසා සිටියේ,

 "මියගොස්‌ සිටින්නේ මගේ ඥති පුතා. ඔහුගේ බිරිඳ මීට අවුරුදු 13 1/2 කට කලින් හදිසි අනතුරකින් මියගියා. එතැන් සිට ඔහුට මානසික ආබාධයක්‌ පැවතුණා. ඒ වගේම ඔහුට ආතරයිටීස්‌ රෝගය තිබුණු අතර, ඒ සඳහා වන බෙහෙත් එකවර බීමට ඇතැම් විට උත්සාහ ගත්තා. සිද්ධිය වූ දින රාත්‍රියේදී ඔහු බෙහෙත් කීපයක්‌ එකවර බී ඇති අතර, අපි එය දැන ගැනීමෙන් පසුව ඔහුව කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කළා. එහිදී ඔහු බලෙන් ටිකට්‌ කපාගෙන ඇවිත් තිබෙනවා. පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන විටදී මියගිය බව දැනුම් දුන්නා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක්‌ මහතා විසින් මියගිය නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂකවරිය මෙම මරණය අධික ලෙස බෙහෙත් පානය කිරීමෙන් සිදුකරගත් සියදිවි නසා ගැනීමක්‌ බවට නිගමනය කර තිබෙනවා.
gossip lanka