gossip lanka

"පෙම්වතා ලබාදුන් ගබ්සා පෙතිවලින් කළලය ගබ්සා වුණා.." - 16 හැවිරිදි පෙම්වතිය පොලිසියේදී වමාරයි

පිටිගල වත්තහේන අමරගම තැපැල් කාර්යාලය අසල  මාර්ගය අයිනේ දමාගොස් තිබූ මාස 4 පමණ බිළිඳු මළ සිරුරක් පිළිබඳ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව පරික්‍ෂණ පවත්වා සැකපිට පෙම්වතුන් යුවළක් අත් අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය නොවිසඳුණු අපරාධ පරික්‍ෂණ ඒකකය හා පිටිගල පොලිසිය විසින් කළ විමර්ශන අනුව ගබ්සාවක් සිදුවීමෙන් රෝහල්ගතවූ තැනැත්තියන් පිළිබඳව රෝහල්වලින් කළ විමසීමේදී ඇල්පිටිය දිස්ත්‍රික් රෝහලේ එවැනි රෝගි කාන්තාවක පිළිබඳ වාර්තාවී ඇති අතර ඇගෙන් විමසා තිබෙනවා. 
මෙහි තොරතුරු අනාවරණය වීමෙන් ඇය අත් අඩංගුවට ගෙන ඇති බව සදහන්.’ අනතුරුව ඇගෙන් ලද වැඩිදුර තොරතුරු අනුව ඊට සම්බන්ධ ඇගේ පෙම්වතාද අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත් අඩංගුවට පත්වූයේ මාපලගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තැනැත්තියක හා නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි පෙම්වතුන් යුවළක් බවයි සදහන් වන්නේ.

සිය පෙම්වතා විසින් ලබාදුන් ගබ්සා පෙති පානය කිරිමෙන් අනතුරුව කළලය ගබ්සාවූ බවත් පෙම්වතා සමඟ ගොස් එය විසිකළ බවත් මූලික පොලිස් පරික්‍ෂණ වලදී අනාවරණයවී තිබෙනවා.
gossip lanka