අඟල් 17ක් දිග විෂකුරු පත්තෑයෙක් සුරතලයට ඇති කරන අරුම පුදුම මිනිසා

අඟල් 17ක් දිග විෂකුරු පත්තෑයෙක් සුරතලයට ඇතිකරන පුද්ගලයෙක් පිළිබඳ පුවතක් තායිවානයෙන් වාර්තා වනවා.

26 හැවිරිදි ජිව විද්‍යා සිසුවෙකු වන නේල් චෙන්ලී මෙම පත්තෑයා ඇතිකිරීමට පටන් ගෙන ඇත්තේ මීට වසර 7කට පෙරයි.
ඔහු අන්තර්ජාලයට නිකුත් කර ඇති වීඩියෝ පටයක දැක්වෙන්නේ, කිසිදු බියකින් තොරව තම මුළු ශරීරය පුරාවටම පත්තෑයාට ගමන් කිරීමට නේල් චෙන්ලී ඉඩ ලබා දෙන බවයි.

කෙසේ වුවත්, මේ භයානක සුරතලුන් ඇති කිරීමේ ක්‍රියාව අනෙක් පුද්ගලයින් අනුගමනය කිරීමෙන් වළකින ලෙසත්, නේල් චෙන්ලී ඉල්ලා සිටිනවා.

මේ අපූරු ක්‍රියාව පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නේල් පවසන්නේ මෙවැන්නක්.

"ඇත්තටම මෙවැනි විෂකරු පත්තෑයෙක් වැනි සතෙක් සුරතලයට ඇති කිරීම භයානක කාර්යයක්. නමුත්, මට ඒක භයානක කාර්යයක් කියලා කොයිම වෙලාවකවත් හිතුණේ නැහැ..."
gossip lanka