ඝාතනය කොටි වෙබ් අඩවියේ ප්‍රචාරය වෙලා"- වවුනතිව් පොලිස් ඝාතනයේ සැඟවුනු කතාව එළියට!

මඩකලපුව වව්නතිවු ප්‍රදේශයේදී පොලිස් රණවිරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම දැඩි ආන්දෝලනයට තුඩු දුන්නේය. මේ වනවිට එම පොලිස් විරු ඝාතනය පිළිබඳ බොහෝ සැඟවුනු තොරතුරු අනාවරනය වී තිබේ.

මේ අනුව මඩකලපුව වව්නතිව් කොටි මහවිරු සැමරුම මෙහෙයවා ඇති හිටපු කොටි හමුදා නායකයා ටේරගල් නමින් සංවිධානයක්‌ මෙහෙයවා
වෙළෙඳසල්වලින් කප්පම් ලබාගෙන තිබෙන බව හෙළිව තිබේ.

මේ අතර වාර්තා වන්නේ වව්නතිව් කොටි සමරුවට ජනතාවගේ සහභාගිත්වය අඩුවීම නිසා හිටපු කොටි ක්‍රියාකාරීන් ඒ ගැන කෝපයට පත්වී ඇත. මේ අතර පොලිස්‌ භටයන් දෙදෙනා ඝාතනය වී පැයක්‌ ගතවීමට පෙර ලන්ඩන් කොටි වෙබ් අඩවිය එය කරුණා අම්මාන් සිදුකළ බවට ප්‍රචාරය කර තිබේ. ශ්‍රී ලංකාවේ සියලූම මාධ්‍ය සහ පොලීසියත් මෙම සිදුවීම දැන ගැනීමට පෙර ලන්ඩන් කොටි වෙබ් අඩවිය මෙම සිදුවීම දැන ගැනීම සහ වාර්තා කිරීම ආන්දෝලනයට තුඩු දී තිබේ.

එසේම මෙම ඝාතනය වසන් කිරීම සඳහා වව්නතිව් පොලිසිය සහ මඩකලපුවේ පාතාල කල්ලියක්‌ සම්බන්ධ බවට මඩකලපු කොටි හිතවාදියකු සාවද්‍ය ප්‍රචාරයක්‌ද දියත් කර තිබෙන බව වාර්තා වේ. මේ අතර අත්අඩංගුවේ පසුවන රාසනායගම් නමැති හිටපු කොටි බුද්ධි අංශ ක්‍රියාකාරිකයා කොටි සැමරුමට මසකට පෙර වව්නතිව් වෙත පැමිණ නිවසක්‌ කුලියට ගෙන ඇති බවද හෙළිවී තිබේ. මියගිය පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ළඟ තිබූ පිස්‌තෝල මෙතෙක්‌ හමුවී නැත.