වැලි ටොන් 720කින් නිර්මාණය වූ වතිකානුවේ යෝධ ගවලෙන මෙන්න - (Photos)

ජේසු උපත මුළු ලොවටම විදහාලමින් කෙරෙන ශාන්ත පීතර චතුරශ්‍රයේ මෙවර ගවලෙන පහුගිය වර්ෂවල මෙන් නොව සම්ප්‍රදායෙන් බැහැරව වෙනස් කලාවකට නිර්මාණය කෙරුණා.

එනම් එය පළමු වරට වැලි - ටොන් 720 කින් නිර්මාණය වීම සිදුවුණා.

පසුගිය මාසය පුරාවට කැපවීමෙන්ව එය නිර්මාණය කලේ වෘත්තීය වැලි කලාකරුවෙකු වන මුර්ති ශිල්පි "රිච් වාරානෝ" විසින්.
නෙදර්ලන්තය, රුසියාව සහ චෙක් ජනරජයේ සිට පැමිණි තවත් මූර්ති ශිල්පීන් තිදෙනෙකුද මෙම කටයුත්තට දායක වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙය මීටර් 5.5 ක උසකින් සහ මීටර් 16 ක පළලින් යුක්තයි. (අඩි 18 ක් උසකින් සහ අඩි 52 ක් පළල).

රිච් වාරානෝ කුඩා අවදියේ පටන් තම පියා සමඟ මුහුදු වෙරළේ කාලය ගත කරන්න ප්‍රිය කල අතර එහි විනොදාස්වාදය වුණේ වැලි වලින් විවිධ ආකාරයේ නිර්මාණ කිරිමයි.

එහිදි ලැබු අත්දැකීම් සමඟ රිචි වැලි පිළිම නිර්මාණ තම වෘත්තීය බවට පත් කරගත්තා.

විවිධ රටවල සංචාරය කරමින් වැලි වලින් පිළිම තනන්නා ලෙසින් රට ලෝකය ඔහු හඳුනාගෙන තිබෙනවා.

ජේසු උපත විදහා දැක්වෙන මෙම අපුර්වතම නිර්මාණයේ ජුසේ තුමා මරියතුමිය, ජෙසු බිළිඳුන්, දේවදුතයන්, එඬේරුන්, බැටළුවන්, ගවයන්, රජතුන් කට්ටුව ඇතුළත් වැලි ගවලෙන කාගේත් අවදානයට කතා බහට ලක්ව තිබෙනවා.