gossip lanka

වාසු, මාධ්‍ය හමුවෙන් පසු ත්‍රීරෝද රථයෙන් යයි !

පුංචි බොරැල්ල තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැමිණ සිටියේ සිය නිල වාහනයෙන් නොවන අතර ඔහු මාධ්‍ය හමුව නිමවී ත්‍රීරෝද රථයක නැගී එතැනින් පිටව යනු දක්නට ලැබිණි.

එක් ආරක්‍ෂක නිලධාරියෙකු සමඟ පැමිණ සිටි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුව නිමවූ පසු එම ස්ථානයෙන් පිටත්ව ගොස් මාර්ගය හරහා ගොස් පදික වේදිකාවේ මද වේලාවක් රැඳී සිටියේය.
ඉන්පසු පැමිණි ත්‍රීරෝද රථයක් අත දමා නවතා ගත් මන්ත්‍රීවරයා ආරක්‍ෂක නිලධාරියාට පළමුව එයට නැගීමට අවස්ථාව දී ඉන් අනතුරුව ඔහුද එයට නැග පිටත්ව ගියේ අවට සිටියවුන් පුදුමයෙන් බලා සිටියදීය.

වාසුදේව නානායක්කාර මහතා ආරක්‍ෂක නිලධාරියා ද සමඟ ත්‍රීරෝද රථයක් පැමිණෙන තුරු මාර්ගය අයිනේ රැඳී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ලංකාදීප)
gossip lanka