gossip lanka

මධුවිතින් සූර් වූ පොහොට්ටු මන්ත්‍රී තවත් මන්ත්‍රීවරයෙකුගේ පිටයි නාසයයි සපා කලා - පානදුර හෝටලයක මහ කලබලයක්

පානදුර ප්‍රාදේශීය සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරන සුහද සාදයකට පැමිණි පොහොට්ටුව පක්‍ෂය නියෝජනය කරන තරුණ නවක මන්ත්‍රීවරයකු අධික ලෙස බීමත්ව අශීලාචාර ලෙස හැසිරෙමින් එහි සිටි පොහොට්ටු පක්‍ෂයේම මන්ත්‍රීවරයකුගේ පිට ප්‍රදේශය සපා කා තවත් මන්ත්‍රීවරුන්ගේ නහය විකා යකා නැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ පක්‍ෂ විපක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දැඩි විරෝධය දක්වා සිටියහ.

 එම මන්ත්‍රීන් පවසන්නේ මහජන නියෝජිතයන් වශයෙන් මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවයි.

 පානදුර ප්‍රාදේශීය සභාව මඟින් වාර්ෂිකව අය-වැය ලේඛනය සම්මත වීම නිමිතිකොට ගෙන මෙම සාදය සංවිධානය කොට තිබූ අතර එහිදී ආහාර පාන සංගීතය, මධුවිත ඇතුළු පහසුකම් රැසක්‌ ලබාදීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණි. සිද්ධියට සම්බන්ධ තරුණ මන්ත්‍රීවරයා තමන්ගේ තරමට වඩා මධුවිතින් සප්පායම් වී මන්ත්‍රීවරුන්ට බැණ වදිමින් අශෝභන ලෙස හැසිරෙමින් කටයුතු කළ බව පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

 මෙම සාදය පානදුර දිග්ගල ප්‍රදේශයේ හෝටලයකදී සති අන්තයේ පැවති අතර එහිදී එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මෙම සාදයට සහභාගි විය. ඒ සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙක්‌ පැමිණ සිටියේ නැතැයි සංවිධායකවරු පවසති.

 පොහොට්‌ටුවේ මන්ත්‍රීවරු පිරිස ජල තටාකයේ බැස විනෝද වෙමින් සිටියදී අධික ලෙස බීමත්ව පැමිණි මන්ත්‍රීවරයා මෙසේ අවිනීතව හැසිරෙද්දී පොහොට්‌ටුවේ නවක මන්ත්‍රීවරියන් කිහිප දෙනකු ද එම ස්‌ථානයේ සිටි බව සංවිධායකවරු පවසති. අධික ලෙස වෙරිමතින් සිටි මන්ත්‍රීවරයා එම ස්‌ථානයෙන් පිටත් කිරීමට සංවිධායකවරු පියවර ගත් අතර ඔහු පදවාගෙන ආ මෝටර් රථය වෙනත් මන්ත්‍රීවරයකු විසින් පදවාගෙන ගිය බව ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
gossip lanka