රංගෙට මං කතා කළේ නෑ. රංගෙයි මට කතා කළේ - එස්.බී

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට තමන් කතා නොකළ බවත් තමන්ට කතා කළේ ඔහු බවත් "ඔයා එනවද ?" යනුවෙන් විමසුවේ ඔහු තුන්වන වතාවටත් තමන්ව ඇමතූ මොහොතේදී බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
එසේම දුන් පොරොන්දු ඉටු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව රංගේ බණ්ඩාර මහතා ද තේරුම් ගත යුතු බවයි එස්.බී. දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට එහා යාමට නොහැකි බැවින් නොකෙරෙන දේවල් ගැන කතා කර ඵලක් නොවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ පාලිත රංගේ බණ්ඩාර මහතාට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වන ලෙස තමන් දුන් කුප්‍රකට දුරකථන ඇමතුම සම්බන්ධයෙන් සහ රංගේ බණ්ඩාර මහතාට වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.