අගමැති නම් කරන අය ජනාධිපති විසින් ඇමතිලා ලෙස පත් කල යුතුයි.. මට ඇමතිකම් නොදුන්නොත් බලාගමු - ෆොන්සේකා

ඇමතිවරුන් පත් කල හැක්කේ අගමැතිගේ උපදෙස් මත පමණක් යයි ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ අනුව අගමැතිවරයා විසින් නම් කරන පිරිස ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන් පත් කල යුතු බවත් ඔහු කියා සිටී.
තමන්ගේ නමද ඒ ආකාරයෙන් අගමැතිවරයා විසින් යෝජනා කර ඇති බවත් තමන් ඇමතිවරයෙක් ලෙස පත් නොකලහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ඔහු සදහන් කරයි.