විදුලි සෝපානය කඩා වැටී මිය ගිය රගර් ක්‍රීඩකයාගේ මරණයට හේතුව හෙළිවෙයි

කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ සිදුවීම අප මීට පෙර වාර්තා කළා. මෙම සිදුවීමෙන් මිය ගොස් තිබුනේ CR&FC කණ්ඩායමේ දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වන කෝකිල සම්මන්දපෙරුම නමැති බත්තරමුල්ල - තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුනේ එම විදුලි සෝපානය පළමු මහලේ සිට රාත්‍රී සමාජශාලාව පිහිටි නව මහලට යාම සඳහා ක්‍රියාත්මක කර තිබූ අවස්ථාවේදී එය බිම් මහල වෙත කඩා වැටී ඇති බවයි. එසේම අනතුර සිදුවන අවස්තාවේදී විදුලි සෝපානය තුල පුද්ගලයින් 12 දෙනෙකු පමණ සිට තිබෙනවා.

එහිදී මිය ගිය තරුණයා විදුලි සෝපානයෙන් එළියට පැනීමට උත්සාහ කර ඇති අතර එහිදී ඔහු සෝපානයත් බිත්තියත් අතරට ඇද වැටී එ් තුළ සිරවීමෙන් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

අදාල ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අනතුරට ලක්වීම පිළිබඳව තාක්ෂණික වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එහි  නිගමන වලට අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.
gossip lanka