"එජාපයේ කළු බැටළුවන්, කෙලෙහිගුණ නොදන්නවුන්, ඊර්ෂ්‍යාකරුවන් මට මුදල් ඇමතිකම නැති කළා..." - රවි කරුණානායක

එක්සත් ජාතික පක්‍ෂය තුල කළු බැටළුවන් සහ ඊර්ෂ්‍යාකාරයන් කිහිප දෙනෙකු සිටින බවත් එය අභිබවා යා යුතු බවත් විදුලිබල ඇමති රවි කරුණානායක මහතා පවසයි.

තමන් මුදල් අමාත්‍යංශය බලාපොරොත්තුවෙන් සිටියත් එය නොලැබුනු බවත් පවසන ඇමතිවරයා ඊට හේතුව  මාධ්‍ය වෙත පැවසීය.

එම ධුරය පක්‍ෂය ඇතුලේම තුන් හතර දෙනෙකු විසින් කල දෙයක් යයිද පැවසූ ඇමති කරුණානායක කෙලෙහිගුණ නොදන්න ඉරිසියාකරුවන් පිරිසක් එජාපයේ සිටින බවද කියා සිටී.


පාර්ලිමේන්තු ලොබියේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.