රනිල් 2020 දී පොදු අපේක්ෂකයා වුණොත් එජාපයට වන දේ මෛත්‍රී කියයි

රනිල් වික්‍රමසිංහ මහත්මයා 2020 ජනාධිපති අපේක්ෂකයා වෙලා එන්න උත්සාහ කරන අතර එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය තවත් වසර ගනනාවකින් පස්සට යනු ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුනරත්න මහතා ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (31) දහවල් ගාල්ල කතළුවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

"එක්සත් ජතික පක්ෂය ගැන කතා කරලා වැඩක් නෑ. මොකද එක්සත් ජාතික පක්ෂය කවදාවක්වත් වෙනස් වෙන්නේ නැහැ. මීට කලින් නායකත්වයේ කිසියම් අර්බූධයක් ආවම නායකත්ව මණ්ඩලයක් ගේනවා. එතකොට මේ නායකත්ව මණ්ඩලය ගෙනැල්ලා මොකක්ද කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එතැනම ඉන්න තමයි හදන්නේ. මේක අපි කලින් කීවා. මේක අයිත් සැරයක් කියන්න දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂය සජිත්ලට නවීන්ලට දෙන්නේ නැතිව වෙන කාට හරි දුන්නොතින් එහෙම මෙයා එක්සත් ජාතික පක්ෂය විනාශ කරනවා. සජිත් ප්‍රේමදාස මහත්මයයි නවීන් දිසානායක මහත්මයයි දෙන්නම කාට ඇරගෙන බලාන ඉන්නවා මේක ලැබෙයි ලැබෙයි කියලා. කවදාක්වත් ඔහොම ලැබෙන්නේ නැහැ. මෙයාගෙන් කවදාක්වත් ඕක ගන්න හම්බ වෙන්නෙත් නැහැ."

"මේකට සටන් කල යුතුයි. දේහපාලන පක්ෂයක නායකත්වය ගන්න ඕන නම් දේශපාලන බලයක් ගන්න ඕන නම් බලය අල්ලන්න සටන් කරන්න ඕන. සටන් කරලා මේවා ගන්න නැතිව බන්දේසියක තියලා මෙන්න අගමැතිකම මෙන්න ජනාධිපතිකම කියලා දෙන්නේ නෑ.රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙකක්ද කලේ තමන්ට තරඟ කරලා දිනන්න බැරි බව වැටහුනාම වෙනත් නායකයකු ජනාධිපති අපේක්ෂක කමට දාගන්නවා පිටස්තර කට්ටියට දෙනවා . වරක් සරත් පොන්සේකට දුන්න. එතැනදි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විපක්ෂ නායක කම ආරක්ෂා උනා. අන්තිමට මෛත්‍රිපාල සිරිසෙන් ජනාධපති තුමාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නා. ඒකෙන් තමන්ගේ අගමැති කම ආරක්ෂා කරගන්න එතුමා කටයතු කර ගත්තා. අද රනිල් වික්‍රමසිංහ මහත්මය බලන්නේ 2020 ජනාධිපති අපෙක්ෂකයා වෙලා එන්න. බොහොම හොඳහි එන්න ඒ ආවොතින් එහෙම එක්සත් ජාතික පක්ෂය තවත් වසර ගනනාවකින් පස්සට යනවා කියන එක අපි පැහැදිලිව කියනවා."යැයිද ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

(ලලිත් චාමින්ද)
gossip lanka