"මතක තියා ගනිල්ලා මම නාකොටික් රංගජීව, සමාව ඉල්ලේයි" කුඩු වැනසූ පොලිස් විරුවා රංගජීව ස්ථාන මාරුවෙන් පසු කියන කතාව!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයට මාරුකර ඇත.

මේ අතර මෙම ස්ථාන මාරුවෙන් පසු  පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සිය ෆේස්බුක් ගිණුමේ අපූරූ සටහනක් තබා තිබුනා.

එහිදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සටහන් කර තිබුනේ


"වසර දාහතක් මා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංසයේ සිට මේ රටේ කුඩු ,පාතාලය විසින් වැනසුන හා ඒ වින්දිතයන් වු මව්වරුන් ,දරුවන්ට ජිවිත පරිත්‍යාගයෙන් කළ ඒ උදාර සේවය අවසන් කරන ලදි . මම එකක් කියන්නම් උන්ඩයට බය නැති, මැරිලා ඉපදුණ මම උඔලට කොහොමත් බය නැහැ. උඔ ලා මට පදිරියි නේ බය වුනා නේ පව් උඔලා, තවම බය වෙන්න එපා තව ටිකක් ඉස්සරහ යමු.
මතක තියා ගනිල්ලා මම නාකොටික් රංගජිව කියලා .සමාව ඉල්ලේයි"
යනුවෙනි.

ස්ථාන මාරුවෙන් පසු නියෝමාල් රංගජීව ස්ථානාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබූ සටහන් කිහිපයක් පහතින්,






















-nethgossip