gossip lanka

සිසුවියකට තම නිල නිවසට එන ලෙසට බල කළ දැරණියගල ජාතික පාසලේ විදුහල්පති අත්අඩංගුවට !

උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන සිසුවියකට අයුතු යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව දැරණියගල ජාතික පාසලේ විදුහල්පතිවරයා 27 වැනිදා දැරණියගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
විදුහල්පතිවරයා මීට පෙර අවස්‌ථා කීපයකම පාසලට පැමිණෙන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීමට තැත් කළ බවට පැමිණිලි රාශියක්‌ පොලිසියට ලැබී ඇත.

උසස්‌පෙළ පන්තියක ඉගෙනුම ලබන මෙම සිසුවියට තම නිල නිවසට එන ලෙසට බල කළ බව ඇයගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කොට ඇත.

මෙලෙස තම බලය යොදා ගනිමින් දරුවන්ට හා කාන්තාවන්ට විදුහල්පතිවරයා හිරිහැර කරන බවත් ඔහු නිතර බීමතින් සිටින බවත් දෙමාපියෝ චෝදනා කරති. ඔහු වහා තනතුරෙන් ඉවත් කොට නීතියෙන් දඬුවම් ලබා දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.

දිවයින
gossip lanka