gossip lanka

බිරිඳත් එක්ක විවාහ සංවත්සරය සමරමින් සිටි පොලිස් නිළධාරියා සාහසිකයෙකුගේ පහර දීමකින් මරුට !

ජාඇළ, දකුණු නිවන්දම ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම පොලිස් නිලධාරිවරයා සිය නිවසේ සිටියදි අදාළ සැකකරු පැමිණ තියුණු ආයුධයකින් පහර දි ඇති බවත් එය වැලැක්වීමට උත්සහ කළ පොලිස් නිලධාරිවරයාගේ බිරිඳටද සැකකරු පහර දි ඇති බවත් අද දෙරණ වාර්තාකරු පැවසීය.
මේ වන විට ඇය රාගම මුලික රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. මිය ගිය පොලිස් නිලධාරිවරයා 49 හැවිරිදි දෙදරු පියෙකි.

ඥාතින් කිහිපදෙනෙකු සමඟ මෙම යුවල සිය 24වන විවාහ සංවස්සරය සමරමි සිටියදි මෙම පහර දීම සිදුව තිබේ.

මියගොස් ඇත්තේ නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර, ඔහු මෙම මිය පොලිස් නිලධාරිවරයාගේ අසල්වැසියෙකු බවත් ඔහු යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් බවද අනාවරණය වී ඇත. මේ වන විට සැකකරු ජාඇළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
gossip lanka