gossip lanka

ෆොන්සේකා කියන්නේ පෝරිසාදයෙක්... දැන් කර්මය පටිසන් දීලා - තෙවරප්පෙරුම

ජනරාල් සරත් ෆොන්සේකා යනු හමුදාපතිවරයෙකු නොව පෝරිසාදයෙකු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

 එදා තමන්ට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණු මොහොතේ, යුද්ධය නිම කළ හමුදාපතිවරයකු යටතේ වැඩ කරන්නට ලැබීම ගැන තමන් සතුටු වුවත් පසුව මෙවන් පෝරිසාදයකු යටතේ වැඩ කරන්නට සිදුවීම ගැන තමන් තමන්ටම සාප කරගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් වනජීවී ගැටළු තේරුම් ගෙන, අතින් ලක්ෂ 15 -20 වියදම් කරගෙන, ගස් යට නිදාගෙන, වාහන තුළ නිදාගෙන, අලි එළවා, කකුල්වල කටු ඇනගෙන කැපකිරීම් කරන විට ජෙනරාල් ෆොන්සේකා නම් පෝරිසාදයාට ඒවා දරාගැනීමට නොහැකි වූ බවත් තමන් වලසෙකු බේරා ගැනීම සඳහා යාල ගිය අවස්ථාවේ තමන් එහි දමා තමන් ගිය කෲ කැබ් රථය ආපසු ගෙන්වා ගැනීමට ඔහු ක්‍රියා කළ බවත් තෙවරප්පෙරුම මහතා සිහිපත් කළේය.

තමන්ට එසේ වැඩ කිරීමට නොදුන්නත් තමන් ජනරාල්වරයා නිසා දින 400ක් සිරගතව සිටි බවත් පක්ෂය තහනම් කරගත් බවත් අනන්තවත් ගුටි කෑ බවත් ඒ මහතා සඳහන් කළේය.

ෆොන්සේකා මහතාට මෙවර ඇමතිකමක් නොලැබුණේ, බුදු දහමේ එන දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීමෙන් බවයි තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.

තෙවරප්පෙරුම මහතා මේ අදහස් පළ කළේ කිලිනොච්චි ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාව වෙත සහන සැලසීම සඳහා එහි ගොස් සිටියදී මාධ්‍ය අමතමිනි. කෙසේවෙතත් ඒ මහතා සුපුරුදු පරිදි ඉතා ක්‍රියාශීලීව ළිං ඉසීමේ කාර්යයෙහි නියැළී සිටින ආකාරය ද දැකගන්නට ලැබිණි.
gossip lanka