ලංකාවේ මිනිස්සු මාළු කනවා මදි...හරිනම් මනුස්සයෙක් වසරකට මාළු කිලෝ 46 ක්වත් කන්න ඕනෑ ! - ඇමැති හැරිසන්

ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය තවමත් ජනතාවගේ පෝෂණ මට්ටම සපුරාලීමට තරම් ඉහළ මට්ටමක නොපවතින බව ධීවර ඇමැති පී. හැරිසන් මහතා පැවසීය’

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද කීවේය’ අපේ රටේ අභ්‍යන්තර ජලාශ 12000 ක් ඇතුළු කුඩා වැව් 27000 ක් පමණ තිබෙනවා’ මෙම ජලාශවල මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් දේශීය මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට පිළිවන්’ අපි දන්නවා අපේ රට වටේම මහ මුහුද තිබෙනවා’ විශාල මුහුදු කලාපයක් අපිට තිබුණත්” තවමත් අපේ රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය අපේ රටේම නිපදවා ගන්නට නොහැකි වී තිබෙන්නේ අපේ මුහුදු කලාපය ඉතාමත් ගැඹුරු නිසයි’ ඒ නිසා මසුන් බෝවීම අඩුයි’
නමුත් අපේ අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගතහොත් අලුත්ම මසුන් අපේ රටේ ජනතාවට පරිභෝජනය කිරීමට හැකි වෙනවා’ මට දැනගන්නට ලැබුණු කරුණු අනුව සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් වසරකට මාළු කිලෝ 46 ක් වත් පරිභෝජනය කළ යුතුයි’ නමුත් අපේ රටේ මධ්‍යම කඳුකරයේ ජනතාව ගත්තොත් වාර්ෂික මත්ස්‍ය පරිභෝජනය කිලෝ 12 ක් වත් නැහැ’ මේ නිසා මත්ස්‍ය පරිභෝජනය මගින් ලබා ගත හැකි පෝෂණය අපේ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලැබෙන්නේ නැහැ’

 එම නිසා ධීවර අමාත්‍යාංශය වශයෙන් අපිට විශාල වගකීමක් තිබෙනවා ඉදිරි කාලය තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට’ මම ඇමැතිවරයා වශයෙන් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙනවා’ වර්තමානයේ අපේ රටේ බහුලවම පරිභෝජනය කරන ආහාරයක් වී තිබෙන්නේ කුකුළු මස්” ඒකට හේතුව තමයි අලුත් මාළු මිලදී ගැනීම නොහැකිකම මෙන්ම” කුකුළු මස් කිලෝවක් මාළු කිලෝවකට වඩා මිල අඩු වීම’ එම නිසා මහජනතාවට කිසියම් අවම මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ මාළු මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි’

 ඒවගේම මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ රටේ දේශිීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසයි’ ඒ වගේම තමයි මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීම’ අපි රජයක් වශයෙන් සාමුහිකව කටයුතු කළ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කාලයේ අපේ මත්ස්‍ය අපනයනයට යුරෝපා සංගමය විසින් දමා තිබූ අපනයන තහංචිය පවා ඉවත් කර ගැනීමට හැකි වුණේ’ 2015 වන විට වසරක් තුළ අපිට අහිමි වූ මුදල රු’ කෝටි 1600 ක්’

 නමුත් අපි රජය පිහිටුවා ගත්තට පස්සෙ අපි දන්නවා මත්ස්‍ය අපනයනය සියයට 44 කින් ඉහළ නංවාලීමට අපිට හැකි වුණා’ මගේ අපේක්‍ෂාව තමයි මෙම තත්ත්වය තවත් වර්ධනය කර ගැනීම යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය’
gossip lanka