සැමියා නොමැති කාන්තාවක් රැගෙන නිවාඩු නිකේතනයකට ගොස් විනෝද වෙමින් සිටි විවාහකයා මිය ගිහින් !

බුත්තල නගරයේ පිහිටි නිවාඩු නිකේතනයක කාන්තාවක්‌ සමග නවාතැන් ගෙන සිටි පනස්‌ දෙහැවිරිදි රජයේ සේවකයකු පෙරේදා (22 දා) අලුයම මියගොස්‌ ඇතැයි බුත්තල පොලිසිය පවසනවා. මෙලෙස මියගොස්‌ ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාණ්‌ඩලික නිලධාරියකු වූ මහියංගනය මියුගුණගම පදිංචි විවාහකයෙකි.
එම පුද්ගලයා ස්‌වාමි පුරුෂයා මියගිය කාන්තාවක්‌ සමග ඉකුත් 21 දා නිවාඩු නිකේතනයට පැමිණ ඇති අතර පසුදින අලුයම හදිසියේ වැළඳුණු රෝගයකින් මියගොස්‌ තිබේ.

මෙම පුද්ගලයා මිය යෑමට හේතුවක් තවමත් අනාවර්ණය වී නොමැත.