gossip lanka

බස් වල යන කතුන් වීඩියෝ කර විදේශිකයන්ට විකිණීමේ කොන්දොස්තරවරුන්ගේ අමුතුම ජාවාරමක් හෙළිවෙයි

පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව ජංගම දුරකථනවලින් වීඩියෝ කළ බස් රථ කොන්දොස්තරවරයකු  ජංගම දුරකථන 03ක් සමඟ  අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.      
                 
අත්අඩංගුවට ගත් බස්රථයේ කොන්දොස්තර තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.     
කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බසින අවස්ථාවේදී බසයේ පහළ  පඩිය වෙත ගොස්  ඉතා සුක්ෂම ලෙස  ජංගම දුරකථනයෙන් ඔවුන්ව වීඩියෝ කළ දර්ශන රැසක් මොහුගේ ජංගම දුරකථනවල තිබී හමුවී ඇති බව පොලිසිය පවසයි.

විදේශිකයින්ට පෙන්වීම සඳහා මෙම දර්ශන වීඩියෝ ගත කර ඇති බවත් ඇතැම්  පෞද්ගලික බස් රථවල ද මෙය  ජාවාරමක් ලෙසින් ක්‍රියාත්මක වන බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී  අනාවරණය වී ඇත.                                                                                
විමසිලිමත්ව බස්රථවල ගමන් කරන්නැයි මිටියාගොඩ පොලිසිය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.
gossip lanka