"ආච්චි නිල් පාට නයිටියෙන් ඉන්නවා දැක්කම මට ආස හිතුණා.." - අහම්බෙන් පොලීසියට කොටු වුණු සොරෙකුගෙන් ඝාතනයක තොරතුරු එළියට ආ හැටි

ගම්පහ පොලීසියේ කොස්තාපල් සුසිල් හා අනුර පසුගිය නමවැනිදා යතුරු පැදි සංචාරයක නිරතව සිටියා. පරිසරය පුරා පැතිර යන උඳුවප් සීතල ද නොතකා දෙදෙනා මධ්‍යම රාත්‍රීයේ පවා මෙලෙස යතුරු පැදි සංචාරයේ යෙදී සිටියේ රාත්‍රීය පුරා සුවසේ නිදන ප්‍රදේශවාසීන්ට ආරක්ෂාව සැලසීමේ අරමුණින්.

යතුරු පැදි සංචාරයේ යෙදෙන අතුරතුර උඩුගම්පල, මාර්ගයේ ගල්පොත්ත හන්දියේ පාර අයිනේ වූ වෙළඳසැලක් යම් පුද්ගලයකු විසින් විවෘත කිරීමට උත්සහ කරන බව මොවුන් දුටුවා. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහයි. මේ පාන්දර යාමයේ වෙළඳසැල් විවෘත කරන්නේ නැහැ.

එසේ නම් මොහු සොරෙකු විය යුතුයි.

නිලධාරින් දෙදෙනාගේ නිගමනය සනාථ කරමින් එම පුද්ගලයා ඒ අසළම නවතා තිබූ යතුරුපැදියට ගොඩ වී වේගයෙන් ගමන් කරන්න පටන් ගත්තා.

119 යතුරු පැදිය ඔවුන්ට යන්නට දී බලා සිටියේ නැහැ. මෙසේ ලුහුබැඳ ගිය ඔවුන්ට මීටර් සීයක් පමණ දුරින් යද්දි පලා යන පුද්ගලයාගේ යතුරු පැදිය නවත්වා ගැනීමට හකි වුණා. කොස්තාපල්වරුන් ඔහුගේ සිරුර පරීක්ෂා කිරීම ඇරඹුවේ ඉන් අනතුරුවයි. එවිට ඔහු හැඳ සිටි කලිසම් ඉබ්බක් දෙකක් අහුවුණා.

මොහු හොරෙක් බව දැන හඳුනාගත් පසු මොහුව පොලිස් ස්ථානයට ගෙන ආවා.

ප්‍රශ්න කිරීම්වලදී ඔහු කරන ලද බොහෝ හොරකම්වල තතු හෙළිවුණා.

ඔහු පොලීසිය බලාපොරොත්තු නොවුණු හෙළිදරව්වක් ද සිදු කළා.

ඒ, උඩුගම්පොළ, පැලවත්ත පාරේ පදිංචිව සිටි රේබල් පැට්‍රීෂියා විජේවර්ධන නම් වූ අසූපස් හැවිරිදි කාන්තාවගේ ඝාතනයයි.

“එදා මම ඇපල් පෙති පහක් ගහලා හිටියේ, සල්ලි ටිකක් අරගන්න හිතලයි මම ඒ ගෙදරට ගියේ. වෙලාව උදේ හතහමාරට ඇති. ගෙයි ඉස්සරහ දොර අඩවන් කරලා තිබුණේ. මම හෙමීට ඇතුල් වෙලා බඩු මුට්ටු ඇද ඇද සල්ලි රත්තරන් බඩු හෙව්වා...‘‘

‘‘ඒ වෙද්දි ආච්චි නැගිටලා කුස්සියේ වැඩක් කර කර හිටියේ. ගේ ඇතුළේ සද්දේ ඇහිලා එයා කුස්සියේ ඉඳලා ආවා. එද්දි මාව දැක්කා. ඒ වෙලාවේ ආච්චි ඇඳලා හිටියේ නිල් පාට නයිටියක්. ආච්චි එහෙම ඉන්නවා දැක්කම මට ආස හිතුණා...‘‘

‘‘මම ආච්චි අල්ලගත්තා. ආච්චි මාත් එක්ක පොර බැදුවා. මම ආච්චිව ඇදගෙන ගිහින් ඇඳට දාලා එක අතකින් බෙල්ල තදකරගෙන අනිත් අතින් කට වැහුවා. වහලා මම..... ආච්චි දැඟළුවා. ඒත් ටික වෙලාවකින් දැඟලිල්ල නතර වුණා. ආච්චි මැරුණා. ආච්චිගේ ඇඳුම් ඉරිලා තිබුණා. දකින කෙනෙකුට හිතෙනවා මෙතන මොකක් හරි වෙලා තියෙනවා කියලා. ඒ නිසා ආච්චි ඇඳගෙන හිටපු නයිටිය ගලවලා ඇඳුම් රාක්කේ අස්සේ තිබුණු ඇඳුමක් අරගෙන ආච්චිට හොඳට ඇන්ඳුවා. අන්ඳවලා හොඳට හදලා ආච්චිව නිදි කරලා ආච්චි ළඟ තිබුණු රුපියල් දෙදාස් ගානක් අරගෙන දොරත් වහගෙන යන්න ගියා. ඒ වෙද්දි එළිවෙලා. ඒත් කවුරුත් මාව දැක්කේ නෑ...‘‘

ඇපල් පෙති පහක් එකවර ගිල දමා රාගයෙන් මත් වූ අඩි හයක් උස, ඊට ගැළපෙන මහතකින් යුතු උන්මන්තකයාගේ ග්‍රහණයට හසු වූ ඒ අවිවාහක කාන්තාව මිය ගියේ එලෙසයි.

බලාපුවඩුගේ ජූඩ් සමන්ත මෙන්ඩිස් නම් වූ මෙම සැකකරුගේ වයස අවුරුදු තිස් තුනක්. උඩුගම්පල, මෝලපාරේ පදිංචි මොහු රැකියා විරහිත, හොරකම රැකියාව කරගත් අවිවාහකයෙක්.

එහෙත් ඔහුට බිරියක් සිටිනවා. අවුරුදු පනහකට ආසන්න ඇය මොහුගේ නීත්‍යානුකූල නොවන බිරිඳක් බවද අනාවරණය වුණා. ඇයට අයත් නිවසක කුඩා කාමරයක මේ යුවළ දිවි ගෙවන අතර ඇයගේ ආදායම වුණේ නිවස පිටුපස ඇති කාමරය කුලියට දීමෙන් ලැබෙන මුදලයි.

මතට ඇබ්බැහි වී සිටන මොහු සොරකම් කොට ලබාගන්නා මුදල් වැය කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය සඳහායි. එවැනි දූෂිත පුද්ගලයකු වුණත් මොහු පොලීසියට කොටු වූ විට පවා ඇය මොහු බේරා ගැනීමට දැඩි ලෙස උත්සහ කරන බව පොලීසිය පැවසුවා.

ජූඩ්ගේ පදිංචිය උඩුගම්පල මෝල පාරේයි. පැලවත්ත පාරේ පදිංචි හොරු දිවා කාලයේදී පාරේ ඇවිද යමින් හොරකමට යා හැකි නිවෙස් තෝරන බේරන කටයුත්ත සිදු කළා.

මෝල පාරේ පදිංචි ජූඩ් සමන්ත ද තමන්ගේ ගම් ප්‍රදේශයේ ඇවිදමින් පහසුවෙන් ඇතුළු විය හැකි නිවෙස් සෙව්වා. ඔහුට ඒ සඳහා සොරකම ජිවිතය කරගත් පිරිසකගෙන් උදව් උපකාරත් ලැබුණා. අනතුරුව මේ හොරු එකතු වී කුඩු වලට ඇබ්බැහි වෙනවා. ඒ අතර ඔත්තු බැලූ නිවෙස් ගැන තොරතුරු ලබා දෙනවා. බොහෝ විට ගමේ පදිංචිකරු එම ගමේ හොරකමේ යෙදෙනවා අඩුයි. ඔවුන් හොරකමේ යන්නේ පිට ප්‍රදේශවලටයි.

ඒ අනුව ජූඩ් සමන්ත පැලවත්ත පාරේ නිවෙස් වලට ඇතුලු වන්නේ ලැබෙන තොරතුරුවලට අනුවයි.

ජූඩ්ගේ ඉලක්කය වන්නේ වයෝවෘද්ධ පුද්ගලයන් තනිව සිටින නිවස්. ඔහු එවැනි නිවෙස් තෝරාගත්තේ මහලු නිවැසියන්ට වහා ක්‍රියාත්මක වීමට නොහැකි නිසායි.

මොහු සොරකමේ ගිය සමහර නිවෙස් වල පදිංචිව සිටියේ ඇඳටම වී සිටි මහළු අයයි.

‘‘මම දවල් කාලයේ තමයි ගෙවල්වලට ඇතුළු වෙන්නේ. මෝටර් සයිකලෙන් ගිහින් කෙළින්ම ඒක වත්ත පිටිපස්සට දාලා ගෙට පනිනවා. මහළු අයට මුකුත් කරගන්න බෑ. මම ඒ අයට පොලීසිය මගේ පස්සේ පන්නනවා, හැංගෙන්න ඉඩ දෙන්න කියලා කාමරේකට රිංග ගන්නවා. ගෙදර අය වයසක නිසා එයාලා මට විරුද්ධව මුකුත් කියන්නේ නැහැ...‘‘

‘‘මම කාමරේට රිංගලා අල්මාලි ඇදලා තියෙන දෙයක් අරගෙන පනිනවා. ගෙදර අය පස්සේ තමයි දැනගන්නේ මම හොරකම් කරපු බව. සමහර ගෙවල්වල අය මම හොරකම් කරනවා දකිනවා. ඒත් බයට සද්ද නැතුව ඉන්නවා. මම එයාලට පේන්නම හොරකම් කරගෙන ගියත් එයාලා පාඩුවේ ඉන්නවා. මොකද එයාලට කරන්න දෙයක් නෑනේ. ඒ අය පොලීසියට යන්නත් බයයි....‘‘

මීට පෙරත් ජූඩ් විවිධාකාර සොරකම්වල නිරත වූ සැටිත්, වතාවකදී රුපියල් ලක්ෂ හතරකට එහා සොරකම් කරගෙන තිබුණා. එදින එම මුදල් තිබී ඇත්තේ එළියේ තිබූ අනාරක්ෂිත වාහානයකයි. මත්කුඩුවලට ඇබ්බැහි වූ මොහු පුනරුත්ථාපනය කිරීමට කඳවුරුකටද යවා තිබුණා.

එහි වසරක පමණ කාලයක් සිටිමින් පුනරුත්ථාපනය වූ මොහු යළි නිවසට පැමිණ තිබුණේ පැට්‍රිෂියා ඝාතනයට මසකට පෙරයි.

පැමිණීමෙන් අනතුරුව යළිත් මත්ද්‍රව්‍ය පාවිච්චිය පටන් ගත් මොහු ඊට මුදල් සොයා ගැනීමට සොරකම පුරුදු වී තිබුණා.

එළියට පැමිණ සතියක් දෙකක් නිවසට වී සිටි මොහු ඒ දිනවල කුඩු ගහන්නට මුදල් ඉල්ලා ගන්නට ඇත්තේ නිත්‍යානූකුල නොවන බිරියගෙන්. ඇය අත වූ මුදල් අවසන් වීමෙන් පසු මොහු යළි සොරකමට පිවිසෙන්නේ ඒ හරහා පහසුවෙන් මුදල් සොයාගන්න පුළුවන්කම ලැබෙන නිසාවෙන්.

‘‘එදා අපි පැලවත්ත පාරේ කුඩු ගැහුවේ ඔය ගෙදරට අල්ලපු වත්තේ. මට යාළුවෝ කිව්වා තනියම වයසක ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි මම ඒකට පැන්නේ...‘‘

පැට්‍රීෂීයා අවිවාහක කාන්තාවක්. රැකියාවක් කොට විශ්‍රාම ලබා සිටි බැවින් ඇයට ආර්ථික ගැටලු තිබුණේ නැහැ.

ඇයගේ නවසට පිටුපසින් තිබුණේ ඇයගේ ඥාතීන්ට අයිති බේකරියක්. සිද්ධිය වූ දිනයට පෙර දිනයේ රාත්‍රී කාලයේදි ඥාතී දියණියට පැට්‍රිෂියා හමුවන්නේ නිවස අසලදියි.

ඒ වනවිට වෙලාව රාත්‍රී හතහමාර පසුව තිබුණා. ඥාතී දියණිය ඇය ගැන කිසිම සලකුණක් නැති තැනයි ඇයව සොයාගෙන නිවසට ඇතුළු වන්නේ.

පිළිවෙලකට නිදා සිටින පැට්‍රිෂියා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව දියණියට තේරුම් ගියේ බොහෝ වෙලාවකට පසුවයි.

පොලීසියද මුලින් සිතා සිටියේ මෙය ස්වභාවිකව සිදු වූ මරණයක් බවයි. කෙසේ වෙතත් දැන් ජූඩ් සිටින්නේ පොලීසිය භාරයෙයි. ඔහු හෙට නැවතත් පුනරුත්ථාපනය සඳහා යොමු කළත් එතනින් එහාට ඔහුගේ චර්යාව වෙනස් වේ යැයි සහතිකයක් දිය නොහැකියි.

-තක්ෂිලා ජයසේකර
gossip lanka