2019 පිළිගන්න ලොව පුරා මැවුනු ගිණි කෙළි රටා - (Photos)

2019 වසර උදාව ඉතා උත්සවශ්‍රියෙන් පිළිගන්නට ලොව පුරා බොහෝ රටවල් කටයුතු කර තිබුණා. ඒ අනුව දර්ශනීය ගිණි කෙළි සංදර්ශන ඇතුළු විශේෂාංග රැසකින් ඊයේ රාත්‍රිය චිචිත්‍රවත් කරන්නට රටවල් කටයුතු කර තිබුනා.

මේ අතර නව අවුරුදු උදාවත් සමග ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී  නව යුවලවල් සිය ගණනක් සඳහා නොමිලේ විවාහයන් සිදුකර දීමට එරට රජය කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේම පසුගියදා ඇතිවූ සුනාමියෙන් විපතට පත්වූ බැන්ටෙන් ඇතුළු වෙරළ කලාපය ආශ්‍රිත ප්‍රාන්තයන් මෙවර නව වසර උදාවීම සැමරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන තිබීමද විශේෂත්වයක්

බ්‍රිතාන්‍ය, රුසියාව, බර්ලින් නගරය, ප්‍රංශයේ පැරිස් අගනුවර, ඇතුළු යුරෝපයේ රටවල් රැසක් නව වසර උදාවීම සැමරීම සඳහා සංගීත සංදර්ශන සහ දර්ශනීය මල්වෙඩි සංදර්ශන සුදානම් කර තිබූ අතර ලොව වටා රටවල් උදාවුනු 2019 වසර පිළිගත් ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින්.

උදාවුන 2019 වසර ඔබ සැමට සාමය සතුට සපිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවායි නෙත් ගොසිප් අප ප්‍රාර්ථනා කරනවා...!
gossip lanka