gossip lanka

නාමල් කුමාරටත් නාලක සිල්වා ගිය පාරේම යන්න වෙයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇති කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ද ළඟදීම අත් අඩංගුවට පත්වනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර විසින් චෝදනා එල්ල කරන ලද ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා දැනටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගරගතව ය. ඒ අනුව, නුදුරේදීම නාමල් කුමාරටත් නාලක සිල්වා සමඟ එක්වීමට හැකිවනු ඇති.
මෙකී ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාස තුනක පමණ කාලයක් පරීක්ෂණ පැවැත්වුවත් ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද පසුගියදා පවසා තිබිණි. නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරයා වූ රංජිත් මද්දුමබණ්ඩර මහතා ද ඊයේ ප්‍රකාශ කර තිබුණේ එවන් කුමන්ත්‍රණයක් තිබී නොමැති බවයි.

මේ අතර හොංකොං දේශයට යැවූ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමුණු හඬපට ගණනාවක් ද හමු වී තිබේ. විමර්ශන කටයුතු ඒ ඔස්සේ ඉදිරියට යමින් පවතී.

එසේම මේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර විසින් වරින් වර මාධ්‍ය හමු පවත්වමින් චෝදනා එල්ල කරන ලද පාර්ශ්ව ද තමන්ගේ කීර්ති නාමයට සිදු කළ කැළල සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමේ සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
gossip lanka