අම්මයි ළාබාල පුතයි එකතු වී පොල්ලෙන් ගසා සාහසික ලෙස සැමියාව ඝාතනය කරයි

මවක් තම පුතා සමඟ එක්ව සැමියා මරා දැමීමේ ඛේදනීය පුවතක් ගල්ගමුව පොලිස් වසමෙන් වාර්තා වෙනවා.

පවුල් ආරවුලක් මත සිදු වූ මෙම සිද්ධියෙන් මරණයට පත් වූයේ ගල්ගමුව - අන්දරබැද්ද නම් තෙලිඟු ගම්මානයේ පදිංචිව සිටි මසන්තාගේ චන්දරේ නමැති 40 හැවිරිදි අයෙක් බවයි සදහන් වන්නේ.
සිද්ධිය වූ දින සවස මියගිය අය බිරිඳ සමඟ බහින්බස් වීමක් ඇති වී තිබෙන අතර එහිදී බිරිඳ විසින් සැමියාට පොල්ලකින් පහරදී තිබෙනවා. ඉන් බේරීම සඳහා අසල නිවසකට දිව ගිය ඔහුට තම පුතා විසින් කැත්තකින් කොටා ඇති බව අනාවරණය වී තිබෙනවා. බරපතළ තුවාල සහිතව ඔහු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම මිනීමැරුම සම්බන්ධව මියගිය අයගේ බිරිඳ වන වේලාගේ බේබි යන අය සහ ඇගේ පුත්‍රයා වන තාරුක අනුරුද්ධ යන අය ගල්ගමුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගත් තාරුක අනුරුද්ධ (පුතා) යන අය ළමා අපචාර දූෂණයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමට සිටි අයකු බව ද අනාවරණය වී තිබෙනවා.
gossip lanka