ඇමෙරිකානුවන් වැඩියම ගරුකරන කත, මිෂෙල් ඔබාමා

ඇමෙරිකානුවන් අතර වඩාත් ආදර ගෞරවයට පාත්‍ර වූ කාන්තාවන් අතින් ඉදිරියටම පැමිණීමට එරට හිටපු ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා සමත් වී තිබේ.

ඒ, වසර 1946 සිට වාර්ෂිකව පැවැත්වෙන Gallup මතවිමසුමේ මේ වසරේ ප්‍රථිපලය ලෙසිනි. මෙම මතවිමසුම මෙතෙක් කාලයකට පවත්වා නොමැති එකම වසර1976යයි.
මෙතෙක් වසර 17ක් පුරාවට මෙම මතවිමසුමේ වඩාත් ආදර ගෞරවයට පාත්‍ර වූ කාන්තාව ලෙස පත්ව සිටියේ හිටපු ජනපති ආර්යාවක් හා රාජ්‍ය ලේඛම්වරියක් වන හිලරි ක්ලින්ටන් ය. ඇයට මේ වසරේ හිමිවූයේ තෙවැනි ස්ථානයයි. දෙවැනි ස්ථානය හිමිවූයේ අතිජනප්‍රිය රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නියක් වන ඕප්රා වින්ෆ්‍රි ට ය.

ඇමෙරිකානුවන් අතර වඩාත් ආදර ගෞරවයට පාත්‍ර වූ පිරිමියා ලෙස 11 වරටත් හිටපු ජනපති බැරැක් ඔබාමා පත්වූ අතර, සිවුවැනි වරටත් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.


gossip lanka