gossip lanka

ජනාධිපති තොටලග රා බීපු රස්තියාදුකාරයෙක් වගේ.. අගමැති රනිල් නිහතමානී නායකයෙක් - මර්වින්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව තොටලග රා බී වෙරිවුණු රස්තියාදුකායෙක්වත් කර නැති බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

එම කතාව අසාගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවසීම ප‍්‍රගුණ කල නායකයෙකු හා නිහතමානී නායකයෙකු ලෙස සිටි ආකාරය මෙරට සියළු දෙනාට ආදර්ශයක් යයිද ඔහු සදහන් කලේය.

මර්වින් සිල්වා මහතා මෙම අදහස් පල කරන ලද්දේ කැබැනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
gossip lanka