gossip lanka

පාසැල් නිවාඩුවට මිත්තනියගේ ගෙදර ඇවිත් 17 හැවිරිදි පෙම්වතා සමග අවසන් ගමන් ගිය මදාරා - (video)

අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසැල් වියේ පසුවන යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 14 යන වයස්වල පසුවූ තරුණයෙක් සහ තරුණියක්.

උතුරු දුම්රිය මාර්ගයේ මිහින්තලේ හංදිය සහ හතරැස්වෙල දුම්රිය හරස් මාර්ගය අතර මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ අලුයම 5.20ට පමණ.
දුම්රිය එන්ජිමේ ගැටුණු තරුණයා එම ස්ථානයේදිම මියගොස් ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගියේ 17 හැවිරිදි සුපුන් චින්තක සහ 14 හැවිරිදි මදාරා නම් යුවලක්.

මියගිය තරුණයා අනුරාධපුර සමඟිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර තරුණිය සමඟිපුර ප්‍රදේශයේ ඇගේ මිත්තණියගේ නිවෙසට පැමිණ ඇත්තේ පාසැල් නිවාඩු සමය හේතුවෙන්. 

දුම්රිය පැමිණෙන විටදී එම යුවළ දුම්රිය මාර්ගයෙන් ඉවතට යාමට උත්සාහයක් කර නොමැති බවට වාර්තා වන අතර ඔවුන් අලුයම් කාලයේ එහි පැමිණියේ ඇයිද යන්න  මෙතෙක් අනාවරණය වී නැහැ.

gossip lanka