දෙසැම්බර් මාසය කියන්නේ ඉතිහාසයේ ඉඳන් ලංකාවට වින කරපු මාසයක්

ඉතිහාසයේ ඉඳන් අපි දැකලා තියනවා දෙසැම්බර් මාසය ලංකාවට හරි අපලයි, සුනාමි ආවා, රටේ ප්‍රභූවරු නැතිවෙනවා, කාලගුණ විපර්යාස සිද්ධ වෙනවා, දේශපාලනික අර්බුධ හටගන්නවා. මේ සැරෙත් දෙසැම්බර් වෙනකොට රට අස්ථාවර වෙලා. ඒ නිසා මේ ව්‍යසනය නැතිකරන්න බලධාරීන් හදවතින් කටයුතු කළොත් හොඳයි යනුවෙන් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා ඒ මහතාගේ නිවසේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,අද වෙනකොට රටේ පවතින ව්‍යවස්ථාධායක, විධායක අර්බුදය පරමාදිපත්‍ය හිමි මහජනතාව වෙනුවෙන් සංවේදී තීන්දු ඉදිරියටත් ලබා දෙයි කියලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා. අපේ රටේ අධිකරණය කවදත් නිදහස් පක්ෂපාති තීන්දු ගත්ත අධිකරණයක්. ඒ නිසා අපි අධිකරණය ගැන දැඩි විස්වාසයකින් ඉන්නේ. දැනට උද්ගත වෙලා තියන තත්වයත් එක්ක රටේ පාලන මණ්ඩලය අස්ථාවර වෙලා තියෙන්නේ. අගමැති පත්වුනා, ස්ථීරත්වයක් නැති අමාත්‍ය මණ්ඩලයක් ඉන්නේ. මේ වගේ තත්වයන් ඇතිවෙන එක රටේ පැවැත්මට හොඳ නෑ. ඒ නිසා අපි ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඊළඟට පවත්වන්නට තියන මැතිවරණය ඉක්මනට පවත්වලා ජනතාවගේ කැමැත්තට ඉඩ දෙන්න.

ඉතිහාසය දිහා බලපුවාම දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවට හරි අපල ගෙනදුන්නු මාසයක්. සුනාමි ආවා, රටේ ප්‍රභූවරු නැතිවෙනවා, කාලගුණ විපර්යාස සිද්ධ වෙනවා, දේශපාලනික අර්බුධ හටගන්නවා. මේ සැරෙත් දෙසැම්බර් වෙනකොට රට අස්ථාවර වුනා . ඒ නිසා මේ ව්‍යසනය නැතිකරන්න බලධාරීන් හදවතින් කටයුතු කළොත් හොඳයි.එහෙම කටයුතු කළේ නැත්නම් රටේ ජනතාව බරපතල අර්බුදයකට පත් වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාමය අර්බුදය නිසා අද දුක්විඳින්නේ රටේ ජනතාව. එහෙම නැතුව අර්බුද ඇතිකරගෙන එහාට මෙහාට කතාකරන බලධාරීන් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන් ජනතාව ගැන පාලක මණ්ඩලය මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුයි. අපි විස්වාස කරනවා හෙට කියන දවසේ අපේ රටේ ජනතාව වෙනුවෙන් හොඳ තීන්දුවක් දීලා ජනතා පරමාධිපත්‍ය වඩාත් හොඳින් පිළිඹිමු වෙන නිවැරදි හෙට දවසකට එළඹෙයි කියලා. මහින්ද මහත්තයා විපක්ෂ නායක වුනාම ඒකටත් කටුව ගහනවා. දෙමළ සංධානය එක්සත් ජාතික පක්ෂයට සහය දීලා නැවතත් හිටපු තනතුරු ගැන නීත්‍යානුකූල නොවන අදහස් ප්‍රකාශ කරනවා. මේ වගේ අත්තනෝමතික ක්‍රියාවලින් සිද්ධවෙන්නේ ජනතාව සදහටම අමාරුවේ වැටීම පමණයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලඥයන්ගේ වගකීමක් බව කව්රු කව්රුත් මතක තබා ගත යුතුයි.

ජයරත්න හේරත්
මාධ්‍ය ඒකකය