gossip lanka

විෂ එන්නත් කර තම පෙම්වතාව මරා දමා, අතුරුදහන්ව සිටි වෛද්‍යවරියගේ කතාව

මැලේසියාවේ උස ගොඩනැගිල්ලකින් බිමට වැටී මරණයට පත් වූ ඉන්දියානු කාන්තාව අබිරහස් ලෙස අතුරුදහන්ව සිටින 59 හැවිරිදි ඔමානා එවාඩාන් නම් දෘෂ්ඨි විශේෂඥ වෛද්‍යවරියද? යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා පොලීසිය මේ වන විටත් උත්සහ කරමින් ඉන්නවා.

මැලේසියාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් දැනට මෘත ශරීරගාරයේ පවතින කාන්තා මළසිරුර හඳුනාගැනීම සඳහා කේරළයේ සිටින ඔමානාගේ ඥාතීන්ට දන්වා යැවූ නමුත් මේ වනවිටත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඒ නිසාම මැලේසියානු රජය එම සිරුර මිහිදන් කිරීමට තීරණය කරනු ලබන අතර තවමත් ඒ සම්බන්ධයෙන් තහවුරු වීමක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් මෙසේ මියගිය තැනැත්තිය ඔමානා වෛද්‍යවරියක් වීමත්, ඒ පිටුපස නොවිසඳුණු මිනීමැරුමක කතා පුවතක් ඇති බවත් ඉන්දියාව පුරා දැවැන්ත සැකයක් මතුව තිබෙනවා.

කේරළයේ කන්පූර් දිස්ත්‍රික්කයේ ජිවත් වූ දෘෂ්ඨි විශේෂඥ වෛද්‍යවරියක් වූ ඔමානා එවාඩාන් කාගෙත් ආදර ගෞරවයට පත් කාන්තාවක් වුණා.

ඇයගේ වෘත්තියට මෙන්ම සේවයට කාගෙත් ගෞරවය හිමි වූ නමුත් ඇය එම ප්‍රදේශයේම කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කළ මුරලිදරන් සමඟ පැවැත්වූ ප්‍රේම සම්බන්ධයට ඔවුන් කාගෙවත් කැමැත්ත හිමි වුණේ නැහැ.

එහෙත් කල් යත්ම ඔවුන් අතර මතභේද ඇතිවන්නට ගත්තා. මෙසේ මතභේද දුර දිග ගිය තැන ඔමානා විසින් ඌටි දුම්රිය පොළ ස්ථානයේ තිබූ විශ්‍රාම ශාලාවේදී මුරලිදරන්ට විෂ එන්නත් කොට මරා දමා තිබුණා.

වෛද්‍යවරියක් ලෙස ඇයගේ අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කොටගෙන මුරලිදරන්ගේ සිරුර ඉතාම සියුම් කැබලි කොට ඒවා ප්ලාස්ටික් උරවල දමා සඟවා තැබීමට ඇය ක්‍රියා කළා.

මේ කාර්යය සඳහා ඇයට පැය තුනක පමණ කාලයක් වැය වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරනවා.

ඉන්පසු එම ප්ලාස්ටික් උර සුට්කේස් එකක දමා කුලියට ගත් රථයකට එක්තරා ප්‍රදේශයකට යන ඇය හමුවන මඩ වඟුරු බිම්වලට ප්ලාස්ටික් උර විසි කර දමා තිබෙනවා.

ඉතිරි වූ උර සහිත සූට්කේසය ගඟට දැමීමට සිතා සිටි නමුත් ගමන් ගත් කූලී රථයේ රියදුරු තුළ යම් සැකයක් ඇති වීම නිසා එය ඉටු කරගැනීමට ඇයට හැකිවුණේ නැහැ.

එහි ප්‍රථීපලය වුණේ ඇය පොලිස් අත්අඩංගුවට පත් වීමයි.

ඇයට එරෙහි නඩුව වසර තුනක් තිස්සේ විභාග වූ අතර එතෙක් ඔමානාට මදුරාසියේ මධ්‍යම සිරගෙදර රැඳි සිටිමට සිදු වුණා.

මෙසේ නඩු විභාගය දිග් ගැස්සෙමින් තිබූ අතරවාරයේ ඇප ලබා ගැනීමට ඇයට හැකි වුණා.

මෙසේ ඇප ලබාගත් ඇය හිටිහැටියේ අතුරුදහන් වීම කාගේත් විමතියට හේතු වුණා.

එය නඩු විභාගයටද බාධාවක් වුණා.

හොර ගමන් බලපත්‍රයක් ලබා ගත් ඔමානා මැලේසියාවට පැනගිය බව වාර්තා වුවද ඊට හේතු වූයේ ඇය සිය මුල් විවාහයේ දරුවන්ට මැලේසියාවේ සිට එක් වරක් දුරකථනයෙන් කතා කර තිබූ බවට හෙළිවීම නිසායි.

නඩු විභාගය තවදුරටත් ගෙන යා නොහැකි තැන ඔමානා සෙවීමේ වගගීම ඉන්ටපෝල් ආයතනය වෙත පැවරුණා.

එමඟින් රතු නිවේදනයක් සටහන් කර ඇගේ ජායාරූප පවා ප්‍රසිද්ධ කරනු ලැබුවා.

මෙවන් මොහොතකදී මැලේසියානු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත් වූ කාන්තාවක් ගැන පොලීසියට දැනගැනීමට ලැබුණා.

එහෙත් ඇද වැටුණු තැනැත්තිය මර්ලින් ලෙස ඇගේ ඥාතීන් හඳුනා ගැනීම නිසා ඇය ඔමානා නොවන බව තහවුරු වුණා.

කෙසේ වෙතත් වෛද්‍යවරියක් වූ ඔමානා පිළිබඳ කිසිඳු තොරතුරක් තවමත් සොයාගත නොහැකි වී ඇති අතර ඉන්ටපෝල් ආයතනය ද ඇය සෙවීම නවතා නැහැ.

ඇය තවම ජිවතුන් අතර බවද ඇතැමෙක් විශ්වාස කරනවා.

-රෝහණ ආර්යරත්න

gossip lanka