gossip lanka

බිරිඳගේ හිස කපා රැගෙන ගිය නරුම සැමියා නැවතුනේ සොහොනකද..? - සැකකරු සොයා ගිය පොලිස් නිල සුනඛයා නැවතුන තැන

රත්නපුර පිටරවුම්පාරේ පදිංචි පුදගලයෙකු සිය බිරිඳ සමඟ ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාම නිසා සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා.එම අවස්ථාවේ ගැටුම පාලනය කිරීමට ගිය 21 හැවිරිදි දියණියගේ අතකටද තුවාල සිදුවී ඇති බවයි වාර්තා වුනේ.

එම අව ස්ථාවේදී සැකකාර සැමියා විසින් බිරිඳගේ අතක් සහ හිස කඳින් වෙන්වෙනසේ කපා දමා ඇති අතර ඝාතනයෙන් පසු සැකකාර සැමියා මෘද දේහයෙන් වෙන්කරන ලද හිසද රැගෙන සිය යතුරු පැදියෙන් පලා ගොස් තිබෙනවා.
පසුව ඔහු සොයා කළ සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයෙකුගේද සහය ලබා ගෙන තිබූ අතර එම සුනඛයා රත්නපුර පොදු සුසාන භූමිය වෙතද ගමන් කර තිබුනා.

කෙසේ නමුත් එහිදී කිසිඳු සාක්ෂියක් සොයා ගෙන නොතිබූ අතර පොලිසිය සැක පළ කරන්නේ අදාල සැමියා එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි.

මේ අතර පොලිසිය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී  ඝාතනයට යොදාගත් බවට සැක කරන තියුණු ආයුධ දෙකක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
gossip lanka