gossip lanka

සැමියා සමඟ ඇති වූ බහින්බස්‌වීම දරාගන්න බැරිව දරුවාට වස පොවා බිරිඳ දිවි නසාගෙන

සැමියා සමඟ ඇති වූ බහින්බස්‌වීම දරාගත නොහැකි වූ බිරිඳ තම දරුවාට ද වස පොවා සියදිවි හානි කරගත් ශෝචනීය පුවතක්‌ පල්ලේපොල ආරියගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වස පෙවුණු අවුරුද්දයි මාස දෙකක්‌ වයසැති දරුවා මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 සිය සැමියා සමඟ ඇති වූ බහින්බස්‌වීම දරාගත නොහැකි වූ ඇය දරුවාට ද වස පොවා වස බී ඇති බවට කරන ලද මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. මහවෙල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බවත් සදහන්.
gossip lanka