ලෝකයම මවිත කරමින් පිහි පහර 49 ක් ගසා මරා දැමු රූමත් කාන්තාව පුතා ඉදිරියේම දුෂණය කළ ආන්දෝලාත්මක කතාව

එදා හොඳින් හිරු එළිය වැටුණු උණුසුම් දිනයක්. විම්බල්ඩන් කොමන් පළාතේ පදිංචි රේචල් ද සිය පුත්‍රයා ඇලෙක්ස් සමඟ ඇවිදින්නට ගියේ ඔවුන්ගේ බල්ලා කැටුවයි.

රේචල්ට වයස අවුරුදු 23 යි.

පුතා ඇලෙක්ස්ට යන්තම් අවුරුදු තුනයි. බලු සුරතලා මෝලී.

මෝලී සමහර වෙලාවට ඇලෙක්ස්ගේ අතින් මිදී යද්දි ඇලෙක්ස් ඌ පස්සෙන් හඹාගෙන යනවා. විවේකය ගත කරමිනුයි ඔවුන් සිටියේ.

හිටි හැටියේම රේචල් ඉදිරියට පැන්න පුද්ගලයෙක් ඇයට පිහි පහර කිහිපයක් එල්ල කළා.

ප්‍රහාරයෙන් බිම වැටුණූ රේචල් කෑ ගසද්දි ඇලෙක්ස් පුංචි පුතා මේ සියල්ල බලා සිටියේ තැති ගැන්මකින්.

වැඩි වෙලා යන්න කලින් සාහසිකයා එතනින් පැන යනවා. මේ වෙද්දි වෙලාව උදෑසන 10.35 වෙලා ඇති. ඇලෙක්ස්ගේ මවගේ රුධිරයෙන් අලෙක්ස් නැහැවිලා හිටියා.

‘‘මමි මමි නැගිටින්න...“ ඇලෙක්ස් තම මව ළඟ හඬා වැටුණේ එහෙම.

පොලීසිය මෙතනට එන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.

මේ වෙද්දි රේචල් අවසන් ගමන් ගිහින් තිබුණා. ඇගේ සිරුරේ පිහි පාරවල් 49ක් තිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.

ඝාතකයා සොයා සෝදිසි කිරීම් කළත් පොලීසියට ඒ ගැන හෝඩුවාවක් ලැබුණේ නැහැ.

පසුවදා මුළු රට පුරාම මෙම සිදුවීම පැතිර ගියා. පොලීසියට පැවරුණේ ඝාතකයා සොයා ගැනීමයි.

ඇලක්ස් මේ වෙනකොටත් දැඩි කම්පනයකට පත්ව හිටිය නිසා වහාම රෝහල් ගත කළා. වෛද්‍යවරු ඔහුට නින්ද යන්න බෙහෙත් දීලා තිබුණා.

රේචල් කුඩා කල සිටම ක්‍රීඩාවට දක්ෂයි. ඒ දක්ෂකම නිසාම පසුකලෙක ඇය රැකියාව ලෙස ලන්ඩනයේ රිච්මන්ඩ් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ නාන තටාංගනයක ජිවිත රක්ෂණ නිලධාරිනියක ලෙස රැකියාව කළා.

ඇයට ඇන්ඩෘෘ මුණ ගැහුණේ එලෙස රැකියාව කරමින් ඉන්න කාලයේදියි.

ඇලෙක්ස් පවුලට එකතු වුණාට පස්සේ ඔවුන් දකුණු ලන්ඩනයට ඇවිත් පදිංචි වුණා.

පුතා පුංචි නිසා රේචල් තමන්ගේ වැඩිදුර අධ්‍යාපනයට සමුදුන්නා. ඉන්පසු ඇය කළේ ගෙදරට වී පුතා බලාකියා ගැනීමයි.

ඇලෙක්ස් සිය මව මරාදමන ඝාතකයා සියැසින් දුටු සාක්ෂිකරු වුණත් කුඩා දරුවෙකු නිසා ඔහු වෙහෙසවමින් ප්‍රශ්න ඇසීමට පොලීසියට හැකිවුණේ නැහැ.

අගෝස්තු මාසය වෙද්දි පොලීසිය රේචල්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඒත් සාක්ෂි නොමැතිකම නිසා ඒ සියලු දෙනාම නිදහස් වුණා. මින්පසු පොලීසිය සැකපහළ කළේ ඝාතකයා අනිවාර්යෙන්ම ලිංගික අපරාධකරුවෙකු විය හැකි බවයි.

පරීක්ෂණ පහසු වීම සඳහා පර්යේෂණ සඳහා රහස් පර්යේෂකයෙකුත් සම්බන්ධ වුණා. මීළඟට පොලීසිය සැක කළේ ඝාතනය සිදු වූදා සිය බල්ලා කැටුව ඒ පළාතේ ඇවිදීමට ගිය කොලින්වයි. වෙස්වලාගත් පොලිස් නිලධාරිනියක් ව්‍යාජ නමකින් කොලින් සමඟ ආදර සම්බන්ධතාවලට පටලවලා ඇය මඟින් කොලින් ලවා පාපොච්චාරණයක් සිදු කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ වුණේ.

එසේ වුවත්, නොකළ වරදකට කොලින්ව පැටලවීමට පොලීසියට හැකිවුණේ නැහැ. අවසානයේ මේ මෙහෙයුම බිඳ වැටෙන්නේ පොලීසියද අපකීර්තියට ලක් කරමින්.

කොලින් පසුපස පන්නමින් සිටි පොලීසිය ඔහුට නඩු පවරනු ලැබුවද ඔහු අධිකරණයෙන් නිදහස් වුණා.

කොලින් මෙම අපරාධයට පැටලවීම සඳහා පොලීසියට ඒ වන විට විශාල මුදලක් වැය වී තිබුණා.

ඉන්පසු කොලීන් සිදු කළේ පොලීසියට විරුද්ධව පවුම් මිලියනයක වන්දි ඉල්ලා නඩු පැවරීමයි.

රේචල්ගේ වියෝව දරාගත නොහැකි තැන ඇන්ඩෘෘ කළේ පුතුද රැගෙන රටෙන් පිටව යාමයි.

ප්‍රංශයට ගිය ඔහු යළිත් විවාහ වුණේ නැහැ. ඇලෙක්ස් වයසින් වැඩෙද්දි මවගේ ඝාතනය ගැන මතකය ඔහුගෙන් ඈත්ව ගියා.

වයස අවුරුදු හය වනතුරුත් ඇලෙක්ස් රුධිරය දුටුවිට බියවන දරුවෙක් වුණා.

මේ අතරතුරෙත් රේචල්ගේ ඝාතකයා සොයා පොලීසිය කළ අසාර්ථක මෙහෙයුම් ගැන දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

එහි සියල්ලගේම ප්‍රථීපලය වුණේ නැවත වතාවක් එම පරීක්ෂණ ආරම්භ කිරීමට පොලීසිය තීරණය කිරීමයි.

රේචල් මිය ගොස් වසර 10කට පසු 2002 දී පොලීසියේ රේචල්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කළා. ඒ රේචල්ගේ ඇඳුම් දැඩි පරීක්ෂාවට ලක් කරමින්. මේ සඳහා අධිකරණ වෛද්‍යවරුන්ගේ සහය ද ලැබුණා. ඒ වනවිට ඩී.එන්.ඒ. තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පැවතුණා.

මේ සියලු පරීක්ෂණවල ප්‍රථිපලයක් විදිහට කාම අපරාධකරුවන් සොයා ගිය පොලීසිය දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්න කළා.

මෙසේ ප්‍රශ්න කිරීම්වලදී පරීක්ෂකයන්ට බර්න්ෂයර් හි දැඩි ආරක්ෂව මධ්‍යයයේ පවතින බ්‍රෝඩිමුවර් මානසික රෝහලේ කාම අපරාධයක් කළ ඝාතකයෙක් සොයා ගත හැකි වුණා.

40 හැවිරිදි පුද්ගලයකු වන ඔහු මෙහි රඳවා සිටියේ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ. රොබට් නැමැති ඔහු රේචල් ඝාතනය කර මාස 15කට පසු මවක් හා දියණියකට කාම අපරාධයක් සිදු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දස වසරක් තිස්සේ මෙහි රඳවා සිටි අයෙක්.

ඉන්පසු ඔහුට විරුද්ධව චෝදනා ගොනු කෙරෙනු අතර ඔහු වරදකරු යැයි අධිකරණයෙන් තීන්දු කළා.

“මොහු ඉතා භයානක මිනිහෙක්. ඒ නිසා දැඩි ආරක්ෂිත විධිවිධාන යටතේ මොහු මානසික රෝහලේ රඳවා සිටිය යුතුයි...“

සියල්ල අවසානයේ මුලින් වරද නොපිළිගත් රොබට් පසුව එම ඝාතනය සිදු කළ බවට පාපොච්චාරණය කළා.

අධිකරණය ඔහුව සදාකාලිකව මානසික රෝහල්ගත කරමින් තීන්දුව ලබා දුන්නා. සිය මව මිය යද්දි තුන් හැවිරිදි වූ ඇලෙක්ස් දැන් 19 හැවිරිදි තරුණයෙක්.

සිය මව ඝාතනය කළ මිනිසා බලන්න අකැමැති වූ නිසා ඔහු අධිකරණයට පැමිණ නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වසර එකොළහකට පසු ඔහු ප්‍රථම වරට පුවත්පත් සාකච්ජාවක් ලබා දුන්නා.

“මමි ලේවලින් නැහැවී සිටියා. මම බයවුණේ නැහැ. මට දැණුනු එකම දේ මමී මට සඳහටම අහිමි වෙන බව විතරයි..“ ඇලෙක්ස් එහිදී පවසා තිබුණා.

වසර ගණනාවක් තිස්සේ ඇලෙක්ස්ගේ සිහිනවල රේචල්ගේ මිනීමරුවා සිටියත් ඔහු ඒ වගක් කිසිවෙකුටත් පවසා නැහැ.

‘‘මගේ ජිවිතයේ මමි ඕනෑම වුණු වටිනාම කාලයේ ඇය මට නැතුව ගියා. ඉන් සිදු වූ හානිය ඩැඩි නිසා මට දැණූනේ නෑ. ඒ සිදුවීමෙන් මම කේන්ති ගත්තෙවත් කළකිරුණෙවත් නෑ. මගේ මමීගේ ඝාතකයා හඳුනාගැනීමට පෙරම මා ඔහුට සමාව දුන්නා. එසේ නොකළා නම් මට ජිවිතය ගෙන යාමට නොහැකි වේවී...“