හිරුණිකා, රනිල් වෙනුවෙන් වුණ බාරය ඔප්පු කරයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ එතුමිය විසින් වී තිබු බාරයක් ඔප්පු කරනු ලැබු බව ඇය පැවසීය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නිත්‍යානුකූල නොවන ලෙසින් අගමැතිකමින් ඉවත් කිරීමෙන් පසුව තමන්ගේ ආගම අනුව නැවත අගමැතිවරයාට එම තනතුර ලැබීමටත් එය ලැබුනායින් පසුව ශ්‍රී දළදා මාළිගාවට පැමිණ භාරය ඔප්පු කරන බවටත් වු බාරය ඊයේ දින අග්‍රාමාත්‍යවරයා පැමිණ ඔප්පු කල බවත් මෙම බාරය පිලිබඳව හිරුණිකා මහත්මිය අගමැති කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබු බව ද ඇය පැවසීය.
ඇය පැමිණීම මදක් ප‍්‍රමාද වී තිබු අතර ඒ වන විටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව පිට වීම සඳහා ඇති පියගැට පෙලින් ගමන් කරමින් සිටි අතර එය දුටු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් විසින් ගෙන ආ පුජා භාණ්ඩවලට අග්‍රාමාත්‍යවරයා සහභාගිත්වය ලබා ගැනීම සිදු කලේය.

එනමි එම පුජාභාන්ඩ සඳහා අග්‍රාමාත්‍යවරයාද අත තබා සහභාගිත්වය සංකේතවත් කලේය. එම අවස්ථාව වන විට අග්‍රමාත්‍යවරයා පිටුපසින් අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා හා ලක්ෂ්මන් කිරිඇල්ල මහතුන් ද සිටියහ.

අග්‍රාමාත්‍යවරයාගේ සභභාගිත්වය ලබා ගත් හිරුණිකා මහත්මිය ඉහල මාලයට ගොස් දළදා සමිදුන් වන්දනාමාන කර ගනු ලැබීමෙන් පසුව මාධ්‍ය වෙත මෙසේ ප‍්‍රකාශයක් සිදු කලාය.

තමන් විසින් වු භාරය අද දින ඉටු කල බවත් ඒ පිළිබඳව මෙන්ම අග්‍රාමාත්‍යවරයා නැවත පත්වීම පිළිබඳව සතුටුවන බවත් පසුගිය කාලයේ පැවතියේ යුඑන්පි ආණ්ඩුවක් නොවන බවත් මේ වන විට තමන්ගේම ආණ්ඩුවක් පැමිණ ඇති බවත් පැවසීය.

ඒ අනුව ජනතාව සඳහා සේවය කිරීමට හැකි වන බව ද ඇය පැවසීය. මෙම අවස්ථාවට ඇය, ඇයගේ ආරක්ෂකයින් සමඟ පමණක් පැමිණ සිට තිබේ.
gossip lanka