කාටවත් කියන්න එපා කියා තර්ජනය කර 7 හැවිරිදි මිණිබිරියට අතවර කළ නරුම සීයා

සීයා ළඟ රාත්‍රියේ නිදා ගැනීමට ගොස්‌ සීයාගෙන් අතවරයට ලක්‌වූ වයස අවුරුදු 07 ක දැරියක්‌ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වින්දිත දැරිය දන්කොටුව පදිංචි වන අතර ඇය දෙවැනි ශ්‍රේණියේ  අධ්‍යාපනය ලබන බවත් සදහන්. වින්දිත දැරියගේ නැගණියගේ පෙර පාසලේ විවිධ ප්‍රසංගය බැලීමට මවගේ පියා පැමිණ තිබෙන බවත් සදහන්.
ඔහු රාත්‍රියේ සිට පසුදා උදේ යන නිසා දැරිය සීයා ළඟ රාත්‍රියේ නිදාගෙන තිබෙනවා. එවෙලේ සීයා දැරියගේ ලිංගික ප්‍රදේශය ස්‌පර්ශ කර දැරියට කරදරයක්‌ කර කාටවත් නොකියන ලෙස පවසා දැරිය තුරුළු කරගෙන නිදාගත් බව වින්දිත දැරිය දන්කොටුව පොලිසියට කර තිබෙන ප්‍රකාශයේ දැක්වෙන බව පැවසෙනවා.

සීයා උදේ නිවසින් පිටව ගිය පසු දැරිය ලිංගික ප්‍රදේශය දැවිල්ල බවත් බඩ රිදෙන බවත් මවට කියා තිබෙනවා. මව ඒ සඳහා ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

නැවතත් දැරිය තම රෝගී තත්ත්වය පෙන්නුම් කළෙන් මව ඇය සමග කතා කරන විට ඇය සීයාගෙන් සිදුවූ කරදර මවට ප්‍රකාශ කර ඇති බව වින්දිත දැරියගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

දැරිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහල් පොලිසිය සිද්ධිය දන්කොටුව පොලිසියට දැනුම් දී තිබේනවා.

ඒ අනුව විමර්ශන සිදු කරනු ලැබූ දන්කොටුව පොලිසිය සැකකරු වන 55 හැවිරිදි පෙදරේරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.