ඥාණසාර හිමිට නිදහස් දිනය දා ජනාධිපති සමාව !

බරපතළ වැඩ සහිතව වසර හයක සිර දඬුවම් නියමව බන්ධනාගාර ගතකර සිටිනා බොදු බල සේනා සංවිධානයේ මහලේකම්වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයේ දී ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසති.

මේ වන විටත් මහ නායක හිමිවරුන් මෙන්ම ඥාණසාර හිමියන්ගේ මෑණියන් විසින්ද ඥාණසාර හිමිට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද උන් වහන්සේ සදහන් කරති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

ඥාණසාර හිමිට සිර දඬුවම් නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කලේ පවරා තිබූ නඩුවකට වරදකරු වීම හේතුවෙනි.
gossip lanka