මට සෙක්ෂුවල් හරියට ඕනෑ කරලා තිබුණා! - නටන්නට ගිහින් ‘මත් නැටුමට’ පෙම් බැදි නාටිකාංගනාවිය

තවමත් ප‍්‍රසිද්ධ දේශපාලනඥයකුට ලිංගික ශ‍්‍රමය විකුණුවා...
 

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බී පිස්සු නටලා හිරෙත් ගියා...
 

නළුවෙක් ආදරය කළා කුඩුවලට ඇබ්බැහිවීම නිසා මාව දාලා ගියා...

 මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි. එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ විපුල ප‍්‍රියශාන්තය. ඔහු ද කාලයක් කුඩු ලෝලියකු ලෙස සිට විශෝධනය වී සිටින තරුණයෙකි. දැන් ඔහු මතින් තොර සමාජයක් බිහි කිරීමට තම ජීවිතයම කැප කර සිටින්නේය.
මානුෂීය, සදාචාරාත්මක, සංස්කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක් තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනර්ජීවනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් සහ ආර්ථික ස්ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්වීම සඳහා සුමඟට යොමු කිරීම බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානයේ ද ප‍්‍රධාන කාර්යභාරයයි. එමෙන්ම මේ පුනර්ජීවන මධ්‍යස්ථානයේදී මත්ලොලී ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම ප‍්‍රතිකාර ලබාදෙනු ලැබේ. මෙරට ඇති කාන්තා පුනර්ජීවන මධ්‍යස්ථාන අතරින් මෙම පුනර්ජීවන මධ්‍යස්ථානයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මේ වන විට එම මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර ලබා සුවපත් වී පිටව ගිය තරුණ, තරුණියන් දහසකට වැඩිය. පසුගිය දිනක අප එම පුනර්ජීවන මධ්‍යස්ථානයට යන විටත් ආරක්‍ෂිත ගොඩනැඟිලි දෙකක් තුළ මත්ලෝලී තරුණ, තරුණියන් දෙසීයකට ආසන්න පිරිසක් ප‍්‍රතිකාර ලබමින් සිටියහ. ඔවුන් සියලූ දෙනා වයස අවුරුදු තිහට නොවැඩි, රටට වැඩ ඇති තරුණ, තරුණියෝය. එහෙත් කුඩු පිළිලය එම තරුණ තරුණියන් වැඩකට නැති ගානට පත් කර තිබිණි. එම තරුණ ජීවිත මත් වී ඇති ආකාරය එකිනෙකාට වෙනස් වුවද, කතාව ඇසෙන විට සිත මහා දුකකින් පිරිණි. එහෙත් මතට ඇබ්බැහි වූ කතා බොහෝමයක් අපි ඇසුවෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ බෙපෙස්දා කාන්තා පුනර්ජීවන මධ්‍යස්ථානයේ තරුණියන්ගේ කතාවලින් තෝරාගත් කිහිපයකි. මේ එම කතා මාලාවේ පළමු කොටසය. පෙළගැසෙන මේ කතා මාලාව කියවා වින්දනයක් ලබාගැනීමට නොවේ, ජීවිතවලට පාඩමක් කරගැනීමට පමණි.

බෙපෙස්දා කාන්තා පුනර්ජීවන මධ්‍යස්ථානයේදී අපට හමු වූ මේ කාන්තාව නැටුම් ශිල්පිනියකි. එහෙත් ඇය නර්තනයන් ඉදිරිපත් කිරීමට තෝරාගෙන තිබුණේ අප දකින සාමාන්‍ය ප‍්‍රසංග වේදිකාව නොව රාත‍්‍රි සමාජශාලාය. කොළඹ දෙහිවල, තලවතුගොඩ ප‍්‍රදේශවල රාත‍්‍රි සමාජශාලා කිහිපයකම නර්තන ශිල්පිනියක් ලෙස ගනුදෙනුකරුවන් පිනවූ ඇය ක‍්‍රමයෙන් මතට ඇබ්බැහි විය. අවසානයේ ඇය ‘ඩාන්ස් ෆ්ලෝ්’ එකෙන් බිමට බැස සල්ලාල පිරිමින්ට සුරතලියක් විය. මෙරට ජනප‍්‍රිය දේශපාලනඥයන් මෙන්ම ජනප‍්‍රිය නළුවන් සහ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු ඉදිරියේදී විලි වසා තිබූ දුහුල්පට ඇය විසින් උනා දැමිණි. මොහොතින් මොහොත අතින් අත අලෙවි වූ රූබර ලලනාව අවසානයේ පාරට වැටිණි. කාලයක් ඇය පිටකොටුව බස් නැවතුම්පළේ ජනප‍්‍රිය  රෑමනමාලියක් විය. මඟතොටේ කුඩු බී පාරේ වැටී සිටියදී පොලිසියට කොටු වී බන්ධනාගාරගත වූ අවස්ථා දහයකට වැඩිය. පිළියම් කරගැනීමට නොහැකි තරමට ඇයගේ ජීවිතය විනාශ විය. අවුරුදු දහසයේ සිට වැරැුදි ගමනක් ගිය ඇය මුහුකුරා යන විට ගත කරන කාලකණ්ණි ජීවිතය අවබෝධ කරගෙන අලූතින් ජීවිතය පටන්ගැනීමේ අදහසින් බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය සොයාගෙන පැමිණ සිටින්නීය. අනන්‍යතාවය සහිතව කතා කිරීමට ඇය කැමැති වුවද, අපගේ කැමත්ත එය වසං කිරීමය. එහෙයින් අපි ඇය ‘ඈන්’ ලෙස හඳුන්වමු. මේ ඈන් කියන දුක හිතෙන කතාවය.

 n3 2 ‘‘මගේ තාත්තා අප‍්‍රිකානු ජාතිකයෙක්. අම්මා සිංහල. ඒත් දැන් අම්මයි, තාත්තායි වෙන් වෙලා. මගේ අක්කා තාත්තා ළඟ අප‍්‍රිකාවේ ජීවත් වෙනවා. අම්මා මාවත් අරගෙන ලංකාවට ආවා. ඒ ඇවිත් ටික දවසක් යනකොට අම්මා තව කසාදයක් කරගත්තා. මාව ළමා නිවාසයක නතර කළා. මම ඉගෙනගත්තේ කොළඹ ජනපි‍්‍රය බාලිකාවක. අවුරුද්දකට සැරයක් තාත්තයි, අක්කයි ඇවිත් මාව බලලා ගියා. මාසෙ වියදමට තාත්තා මට සල්ලි එව්වා. මම හොඳට ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයත් පාස් වුණා. ඒත් උසස් පෙළ කළේ නෑ. ළමා නිවාසයෙන් පැනලා අම්මා හොයාගෙන ගියා. එතකොට මට වයස අවුරුදු දහසයයි. ඒත් අම්මා මාව භාර ගත්තේ නෑ. එතකොට අම්මට දෙවැනි කසාදෙත් දරුවො දෙන්නෙක් හිටියා. ඒ මල්ලිලා දෙන්නෙක්. ඊට පස්සේ අම්මා මාව හිතවත් ගෙදරක නතර කළා. මම ඉන්නවට මාසෙකට ගාණක් ඒ ගෙදරට අම්මා ගෙව්වා. තාත්තත් මගේ වියදමට සල්ලි එව්වා. ඒත් ඒ ගෙදර මනුස්සයාගෙන් නිතරම මට හිරිහැර වුණා. ඒ නිසා මම ඒ ගෙදරිනුත් ආවා. ඊට පස්සේ අම්මා මාව සැල්වේෂන් ආමි එකට දැම්මා. ටික දවසක් යනකොට එතැනිනුත් පැනලා ගිහින් ඉස්කෝලේ මාත් එක්ක එකට ඉගෙනගත්ත යාළුවන්ගේ ගෙවල්වල නතර වුණා. තාත්තා මාසේ වියදමට එවන සල්ලිවලින් යාළුවොත් එක්ක සෙට් වෙලා ඩිනර් පාටිවලට ගියා. අරක්කු සිගරට් බිව්වා. කිරිල්ලියක් වගේ ජීවත් වුණා. එහෙම ඉන්නකොට තමයි දෙහිවල නයිට් ක්ලබ් එකක ඩාන්සර් කෙනෙක් විදිහට ජොබ් එකට ගියේ...’’

 ‘‘මට හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. ඒක මට උත්පත්තියෙන්ම ලැබුණු දායාදයක්. ඒ වගේම ඇප‍්‍රිකන්, සිංහල මිශ‍්‍ර නිසා මගේ අමුතු ලස්සනක් තිබුණා. ඒක ප‍්‍රියමනාප පෙනුමක්. ඒත් කොල්ලො මගේ දිහා බැලූවො ‘පට්ට සෙක්සි කෑල්ල...’ කියලා කෑදර විදිහට. ඇත්තටම මටත් සෙක්ෂුවල් හරියට ඕනෑ කරලා තිබුණා. එක කොල්ලෙකුගෙන් මම සෑහීමකට පත් වුණේ නෑ. සෙක්ස් ජීවිතයේදී සෑම මොහොතකම මම හෙව්වේ විවිධත්වය. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ කළා. මත්පෙති පාවිච්චි කළා. මත්පැන් බිව්වා. කොල්ලො තුන් හතර දෙනා එක්ක පැය ගණන් හිටියා. මම ගැහැනියක් වුණේ කාගෙන්ද කියලා අදටවත් මම දන්නේ නෑ. ඒ වගේම සල්ලිත් හම්බ කළා. දෙහිවල ක්ලබ් එකේදී දවසකට මට රුපියල් පන්දාහක් ගෙව්වා. ඊට අමතරව තුන්හාරදාහක ටිප් එක ලැබුණා. තාත්තා සල්ලි එව්වා. මටම කියලා ඇනෙක්ස් එකක් අරගෙන තනියෙන්ම ජීවත් වුණා...’’

 ?ට නිදිවරලා උදේට ඇනෙක්ස් එකට ඇවිත් නිදා ගන්නවා. හවසට වැඩට යනවා. ඕක තමයි මගේ ජීවිතය වෙලා තිබුණේ. දවසක් කොළඹ නයිට් ක්ලබ් එකකදී දේශපාලන නායකයකුගේ පුතෙකුයි එයාගේ යාළුවො සෙට් එකත් එක්ක කොකේන් පාවිච්චි කරලා පිස්සු නටලා පොලිසියත් ඇවිත් ලොකු ආරවුලක් ඇති වුණා. අන්තිමේ දේශපාලන පුතාවත් එයාගේ යාළුවන්වත් පොලිසියට අරගෙන ගියේ නෑ. අපි කෙල්ලො හතරදෙනෙක්ව පොලිසියට අරගෙන ගිහින් උසාවි දාලා රිමාන්ඞ් කළා. ඒ සිද්ධියත් එක්ක තමයි මම මුලින්ම පොලිසියකට ගියෙත්, සිරගත වුණෙත්. ඒක වුණේ 2007 අවුරුද්දේ. දවස් දහහතරක් බන්ධනාගාරගත වුණා. නිදහස් වෙලා ඇවිත් නැවත ක්ලබ්වල වැඩ කළා...’’

 ‘‘එහෙම ඉන්නකොට ක්ලබ් එකේදී කතාබහ කරපු සීමන් කෙනෙක් මට ආදරය කරන්න පටන් ගත්තා. මමත් එයාට ආදරය කළා. අපේ් ආදරය ගොඩක් දුර ගියා. අපි දෙන්න කසාද බඳින්නම තමයි හිටියේ. එයත් එක්ක මම අප‍්‍රිකාවට ගිහින් තාත්තා, අක්කා මුණගැහිලා කතා කළා. එයා මාස හතරෙන්, හතර නැවට ගියා. නැවට ගිහාම එයාගේ බැංකු පොත්, කාඞ් සියලූ දේ තිබුණේ මා ළඟ. ඒත් කිසිම දවසක මගේ වියදමට එයාගේ සල්ලිවලින් රුපියලක් ගත්තේ නෑ. අපි දෙන්නා හරිම ආදරෙන් හිටියා. එයා ළඟ ඉන්නකොට අරක්කු, සිගරැුට් මොනවත් බිව්වේ නෑ. නයිට් ක්ලබ්වල ඩාන්ස් කරන්නවත් ගියේ නෑ. එයා නැවට ගියාට පස්සේ ක්ලබ්වල ඩාන්ස් කරලා, ඩිනර් පාටිවලට ගිහින් අරක්කු, සිගරැුට්, මත්පෙති බිව්වා ඒත් කුඩු බීලා තිබුණේ නෑ. මම මුලින්ම කුඩු බිව්වේ 2010 ඔක්තෝබර් මාසෙ 10 වැනිදා. එදා මගේ හොඳම යාළුවගේ අම්මා නැති වෙලා මළගෙදර ගිය දවස. මට අද වගේ මතකයි යාළුවත් එක්ක

රෑ නිදිවරනකොට අපි දෙන්නා එක්ක කුඩු බිව්ව හැටි. එතකොට මට වයස අවුරුදු විස්සයි. එදා ඉඳලා සතියට දවසක් වගේ මගේ කාමරයේ යාළුවා එක්ක සෙට් වෙලා කුඩු බිව්වා. ක්ලබ් එකේදී කුඩු පාවිච්චි කළේ නෑ. ඒත් මම කුඩු බොන විත්තිය සීමන්ට තේරුණා. එයා මට කිව්වා කුඩු බොන එක නතර කරන්න කියලා. ආදරය වෙනුවෙන් මම ඒකත් නතර කළා. ඒත් එයා මාව විශ්වාස කළේ නෑ. මගේ ආදරයත් කුඩු නිසා නැති වෙලා ගියා...’’

 ‘‘ආදරය නැති වුණාට පස්සේ මගේ ජීවිතය කුඩුම වුණා. දවසේ පැය විසිහතරම ගෙවුණේ කුඩු මතින්. ක්ලබ් එකේදීත් කුඩු බිව්වා. ලැබෙන පඩිය, ටිප් එක කුඩු බොන්න මදි වුණහම දවල් දවසේ ඞීල් වුණා. පැයට හාරදාහයි, පන්දාහයි. දේශපාලනඥයන්ගේ පුත්තු, ප‍්‍රසිද්ධ දේශපාලනඥයෝ සල්ලි දීලා මගෙත් එක්ක සතුටු වුණා. අදටත් ප‍්‍රසිද්ධ දේශපාලනඥයෙක් මාව එයාගේ ගෙදරටම ගෙන්නගෙන තියෙනවා. එයා කසාද බැඳලා නෑ. කිසිම දවසක කසාද බඳින්නේ නෑ කියලා තමයි එයා මට කිව්වේ. හරිම හොඳ මනුස්සයා. එයා මගෙන් සතුටු වුණා වගේම, මගේ දුක, සැපත් හොයා බැලූවා. මාස හය හතක් එක දිගට එයා මාව ගෙදරට ගෙන්න ගත්තා. එවගේම ජනප‍්‍රිය නළුවෙක් මට ලව් කරලා තියෙනවා. මමත් එයාට ආදරය කළා. ඒත් ඒවා හීන වගේ බොඳ වෙලා ගියා. හම්බ කරන සල්ලි සේරම කුඩුවලට දිය වෙලා ගියා. අන්තිමේ මටම කියලා ගත්ත ඇනෙක්ස් එකත් විකුණන්න වුණා. මම කුඩු බොනවා කියලා දැනගත්තට පස්සේ කිසිම නයිට් ක්ලබ් එකකින් මට රස්සාව දුන්නේ නෑ. දැඩි ලෙස කුඩුවලට ඇඩික් වෙච්ච අයට නයිට් ක්ලබ්වල ජොබ් එක දෙන්නේ නෑ...’’

 ‘‘කුඩුවලට ඇඟ දිය වෙලා හකු බැහැලා විරූපී වී ගෙන එනකොට මාත් එක්ක යහන්ගත වෙච්ච අය දැක්කම අහක බලා ගත්තා. අම්මා මාව ගෙදරට වද්ද ගත්තෙත් නෑ. යාළුවො මාව ගෙවල්වල නතර කර ගත්තෙත් නෑ. කුඩු බොන්න තියා කෑම වේලක් කන්න සල්ලි නැති වුණා. තාත්තා මාසේ අන්තිමට එවන සල්ලි සතියෙන් කුඩුවලට ඉවර වුණා. කරන්න දෙයක් නැති තැන මම පාරට බැස්සා. ?ට පිටකොටුවේ සමාජයේ අසික්කිතම රස්සාව කළා. පිටකොටුවේ වේළිලා මිනිස්සු එක්ක නිදාගත්තේ කැමැත්තෙන් නොවේ. කුඩු බොන්න සල්ලි හොයාගන්න. පිටකොටුවේ රෑට විකිණෙන වෙන ගෑනු වගේ මම එළිවෙනකම් හිටියේ නෑ. හතට විතර ඇවිත් දහය විතර වෙනකොට මම යනවා. මිනිස්සු දෙන්නෙක් එක්ක හිටියම මගේ ගාණ ඇවිත්. පැයට එක්දහස් පන්සීයයි, දෙදහයි. වැඩි සල්ලි හෙව්වේ නෑ. කුඩු පැකට් එකේ ගාණ විතරයි. එතකොට මගේ ජීවිතයේ එක කුඩු විතරයි. ජීවත් වුණේ වත්තක මුඩුක්කු කාමරයක...’’

 ‘‘පිටකොටුවට බැහැලා ටික දවසක් යනකොට මමත් හොඳ සුද්දවන්තියක් වුණා. මාත් එක්ක යන කෙනා බාත්රූම් එකට ගිහින් එන සුනංගුවට පර්ස් ඔරලෝසු සේරම හොරාගෙන මම කාමරයෙන් පනිනවා. පිටකොටුවේ ?ට විකිණෙන ගෑනු සේරම කරන්නේ ඕක තමයි. ගොඩක්ම ඉන්නේ කුඩු බොන අය. ඒ හැම කෙනෙක්ම ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි, කීයක් හරි හොයාගන්න. හොරකම් කරන්නේ වැඩියෙන් කීයක් හරි හම්බ කරගන්න. එහෙම හොරකම් කරගන්න පර්ස්වල රුපියල් හාර පන්දාහ තිබුණහම දවස් දෙකක් විතර අපි රස්සාවට එන්නේ නෑ. ඒ විදිහට කාලයක්ම පිටකොටුවේ ගණිකා රස්සාව කළා. පාරේ කුඩු බීලා ඉඳලා පොලිසියට මාට්ටු වෙලා හිරේ යනවා, එළියට එනවා. සමහර අවස්ථාවල පෙර වැරැුදිත් එක්ක මාස හය හිරේ ඉඳලා තියෙනවා. ඇතුළට ගියා කියලා මම කුඩු නොබී හිටියේ නෑ. දවසට අවශ්‍ය කුඩු පැකට් එක හොයාගත්තා. එළියේ දාහට විකුණන කුඩු පැකට් එක ඇතුළේ දෙදහයි. වෙනසකට තිබුණේ එච්චරයි. තාප්පයෙන් ඇතුළට කුඩු එනවා. විසිට් එකේ බත්, හොදි, බිස්කට්වල කුඩු එනවා. සමහර බන්ධනාගාර නිලධාරීන් ඇතුළට කුඩු ගේනවා. මම හිටිය කිසිම දවසක ඇතුළේ කුඩු නැති වුණේ නෑ. එළියේ ඉන්නවට වඩා පහසුවෙන් ඇතුළේදී කුඩු බිව්වා. හිරගෙදර මට නම් ගෙදර වගෙයි. මම හොඳට වැඩ කරන නිසා බන්ධනාගාර නෝනලත් මට සැලකුවා. හිරගෙදර හොඳට ඉන්න නිසා මට එළියට එන්නත් පහසු වුණා...’’

 සාමාන්‍ය ජීවිතයයි, සිරගත ජීවිතයයි කියලා මට වෙනසක් තිබුණේ නෑ. කොහේ හිටියත් මම ජීවත් වුණේ මත් වෙලා. කුඩු බීලා වැඩි වෙලා පිටකොටුවේ පේව්මන්ට් එකේ නිදාගෙන ඉඳලා තියෙනවා. සමහර ගෑනු අපි ළඟින් යනකොට පිළිකුලෙන් ඈත් වෙනවා. ‘අපේ ඇෙඟ් ලෙඩ නෑ. අපිත් තොපි වගේ ගෑනු...’ කියලා අපේ සමහර අය ඒ වෙලාවට කෑගහනවා. දැන් ඒවා මතක් වෙද්දී ජීවිතය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. ඒ වගේම සමහර මිනිස්සු මාත් එක්ක ගිහින් එකට ඉන්නේ නැතිව ජීවිතය හදාගන්න උපදෙස් දීලා, මගේ අතට සල්ලිත් දීලා ගිහින් තියෙනවා. එක මනුස්සයෙක් මට කිව්වා ඔයා හොඳට ඉන්නවා නම් ගෙදර එක්කරගෙන යන්නම් කියලා. ඒත් මම කැමැති වුණේ නෑ. එතකොට මට පිරිමින්ට ආදරයක් ඇති වෙන්නේම නෑ. අදටත් නෑ. ජීවිත කාලයටම මම බඳින්නේ නෑ. මම ගෙවපු අපාගත ජීවිතයත් එක්ක කසාද බැඳලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නත් බෑ. ඒත් වැරැුදුණු ජීවිතය මට හදාගන්න ඕනෑ. ඒ නිසා තමයි මම මේ පුනර්ජීවන මධ්‍යස්ථානය හොයාගෙන ආවේ. දැන් මම මේ ආයතනයට ඇවිත් මාස එකහමාරයි. මාසයක් විතර යනකොට කුඩු සික් එක නැත්තටම නැති වුණා. දැන් මගේ හිත කුඩුවලට වෛර කරනවා. ඒත් තව මගේ ඔළුව හදාගන්න ඕනෑ. දුරාචාරයෙන් මිදිලා යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුණ දවසකට මම මේ මධ්‍යස්ථානයෙන් පිටව ගිහිං ගාමන්ට් එකක හරි වැඩ කරගෙන තනියෙන් ජීවත් වෙනවා. දැන් මට මේ ලංකාවේ කාත් කවුරුවත් නෑ. මේ මෑතකදී අම්මත් නැති වුණා. අම්මා නැති වුණේ වයසට ගිහින් නෙමෙයි, අකාලයේ පිළිකාවක් හැදිලා. අවුරුදු හතළිස් නවයයි. අක්කයි, තාත්තායි මට නිතරම අප‍්‍රිකාවට කතා කරනවා. ඒත් ඒ රටේ ජීවත් වෙන්න මම කැමැති නෑ. මේ ලංකාවේ සුපුරුදු තනිය මට හොඳයි...’’

 ඈන්ගේ ජීවිත කතාව ඇසෙන විට දුක සිතිණිි. එහෙත් ඇයගේ මව ගැන මගේ සිතේ ඇති වූයේ තරහවකි. ඈන් ළමා නිවාසයෙන් පැන මව සොයා පැමිණි අවස්ථාවේ මවු සෙනහස සමඟ කැටි වූ රැුකවරණය ඇයට ලැබුණා නම් අද ඈන්ට මේ ඉරණම උරුම නොවෙන්නට ඉඩ තිබිණි. එහෙත් දැන් විය යුතු දේ වී අවසානය. කාටවත් දොස් පවරා ඵලක් නැත.

 ඈන් මේ පුනර්ජීවන මධ්‍යස්ථානයට පැමිණ සිිටින්නේ වැරැුදුණු ජීවිතය නිවැරැුදි කරගැනීමටය. ඇය නැවත මතට ඇබ්බැහි නොවෙන බවත් රැුකියාවක් කරගෙන සමාජයේ යහපත් විදිහට ජීවත්වන බවත් ඇය අපට කීවාය. ඈන්ගේ අදහස පැහැදිලිය. එමෙන්ම තවම ඇයට වයස අවුරුදු තිස්දෙකකි. සමාජය ගැන අවබෝධයෙන් ජීවත් වුවහොත් ඇයට දුර ගමනක් යෑමට තිබේ. ඈන් ප‍්‍රාර්ථනා කරන මතින් තොර අලූත් ජීවිතයට ආශිර්වාද කරමින් අපි ඇයට සමු දුන්නෙමු.

 තරංග රත්නවීර