ෆේස්බුක් සමාගම පරිශීලකයින්ගේ තොරතුරු විකුණමින් කළ වැඩක් ගැන තොරතුරු හෙළිවෙයි

ෆේස්බුක් සමාගම විසින් වසර ගණනාවක් තිස්සේ විසින් ලොව විශාලතම තාක්ෂණික සමාගම් කිහිපයකට ෆේස්බුක් පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත අළවි කර ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පක වාර්තා කර ඇත. ඒ අනුව ෆේස්බුක් සමාගමේ වාණිජ අපේක්ෂාවන් වෙනුවෙන් Netflix සහ Spotify වැනි විශාල තාක්ෂණික සමාගම් වෙත එම දත්ත ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 'අන්තර්ජාල වැරදි සන්නිවේදන කමිටුව' විසින් ෆේස්බුක් සමාගමේ අභ්‍යන්තර ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයකදී මේ බව ප්‍රථමයෙන්ම අනාවරණය වී ඇති අතර ෆේස්බුක් පරිශීලකයින් තම ගිණුම් වලට ඇතුලත් කරන ඔවුන්ගේ සිතුම් පැතුම්, අවශ්‍යතා,රුචිකත්වයන් වැනි තොරතුරු උපායමාර්ගිකව මෙලෙස විවිධ සමාගම් වලට අළෙවි කර තිබේ.

 Netflix,Spotify වැනි සමාගම් පාරිභෝගික රුචිය හඳුනාගනිමින් සිය ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට එම තොරතුරු භාවිතා කර ඇති අතර වත්මන් ඩිජිටල් යුගය තුල අළෙවි කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු වලදී ඉතා වටිනාම භාණ්ඩ බවට පුද්ගලික තොරතුරු පත්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම මේ වන විට බිිලියන 2.2ට අධික ෆේස්බුක් පරිශීලකයින්ගේ තොරතුරු තම ප්‍රවර්ධන කටයුතු සඳහා ඔවුන් භාවිතා කරන බවද සඳහන්.