ආණ්ඩුව ගෙදර යවන්න මුත්තයියාගේ කඩෙන් හඳුන්කූරු ගන්න - ඩලස්

මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට උත්සාහ දරන්නේ ප්‍රභාකරන්ගේ අවසන් ප්‍රාර්ථනයට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
"විපක්ෂ නායකකමට නෙමෙයි, මහින්ද මහත්තයාගෙ මන්ත්‍රීකමටත් තට්ටු කරන්නයි මේ බලන්නේ. මොකද්ද මේ වෛරය ? මන්ත්‍රීකමෙනුත් එළවන්න මොකද්ද මහින්ද මහත්තයා මේ රටට කරපු හතුරුකම ? මහින්ද මහත්තයා මන්ත්‍රීකමෙනුත් එළවලා, හිරේදාලා, මරලා දාලා පැත්තකට කරන්න කාටද වුවමනාව තියෙන්නේ ? 2009 මැයි මාසෙ 19 වනදා උදේ පාන්දර වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළේදී ඇස් දෙක උඩ තියාගෙන මියගියපු ඒ ත්‍රස්තවාදී නායකයාගෙ ප්‍රාණය නිරුද්ධ වෙන අවසාන මොහොතෙදි හාමුදුරුවනේ මොකද්ද ප්‍රාර්ථනාව වෙන්න ඇත්තේ ? ඒ සිතුවිල්ලට ප්‍රාණය දෙන්නයි මේ අය කටයුතු කරන්නේ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුවට උපරිම යා හැක්කේ දින 307ක් පමණක් බවත් මුත්තයියාගේ කඩයෙන් හඳුන්කූරු පනහේ පැකට් 07ක් ගෙන ගෙදර ගොස් දිනකට එක බැගින් පත්තු කර "චුත වේවා !" කියා ප්‍රාර්ථනය කරන ලෙසත් හත්වෙනි පැකට්ටුව අවසන් වන විට මේ රටේ අලුත් පාලනයක් ඇතිවනු ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.