gossip lanka

නීති විරෝධී ගබ්සාවන් කෙරූ හොර වෛද්‍යවරයා පස් වසරකට හිරගෙදරට යැවු කතාව

“මම කළේ නීතිවිරෝධී වැඩක් කියලා දන්නවා. ඒත්.. මම ඒ වගේ දෙයක් නොකළ නම් ගෑණු ළමයි කී දෙනෙක් දිවි නහගනීද? පවුල් කීයක් අසරණ වෙයිද? අප්පා නැති දරුවෝ කී දෙනෙක් ලෝකෙට බිහි වෙයිද? මම කළ දේ නිසා ඒ වගේ තත්ත්වයට පත් නොවුණු ගෑණු ළමයි අද කසාඳ බැඳලා කොයි තරම් ලස්සනට ඉන්නවද? එහෙම කරපු මම අද අවුරුදු පහකට ඇතුළට දාලා...,“

ඔහු ආවේගශිලී කෙනෙක්. ඒත්, මේ දඬුවම නියම වුණේ නීති විරෝධී ක්‍රියාවක් නියැලීම නිසා බව ඔහු විසින් පිළිගන්නවා.
ඔහු වෛද්‍ය සාහයකයකු ලෙස කලක් පුද්ගලික රෝහලක සේවය කළ අයෙක්. එහිදී ලද දැනුමින් උපතින් ලද දැනුමකුත් හේතුවෙන් ඔහුට දරු ප්‍රසූතිය මෙන්ම ගබ්සා කිරීම පිළිබඳවද දැනුමක් තිබුණා.

වසර දහයකට වැඩි කලක් පුද්ගලික රෝහලක මාතෘ වාට්ටුවක සහ ඊට අදාළ සැත්කම් සිදු කෙරෙන ශල්‍යාගාරායක සේවය කළ ඔහු හොර රහසේ වෛද්‍ය සායනයක් පටන් ගන්නේ රැකියාව කරන අතුරතුරයි.

එය ගබ්සා මධ්‍යස්ථානයක්.

“මම මගේ පළවෙනි ගබ්සාව කළේ වයස අවුරුදු පනස් දෙකක ගෑණු කෙනෙකුට. එයාගේ සැමියා මිය ගිහින්. ලොකු දරුවෝ ඉන්නේ. බෝයි කෙනෙක් හොයාගෙන වයස පනස් දෙකක් නිසා. එයා හිතලා තියෙන්නේ එයා ගැබ්ගන්නේ නැතිවෙයි කියලා. ඒත්, එයාට දරුවෙක් ලැබෙන්න ඇවිත්. කරගන්න දෙයක් නැතුව ගබ්සා කරන්න තැන් හොයලා ප්‍රයිවෙට් හොස්පිට්ල් වලිනුත් අහලා බෑ කියලා..‘‘

“මම වැඩ කරපු හොස්පිට්ල් එකෙනුත් අහලා ඒ අහලා තියෙන්නේ මගේ යාළුවෙකුගෙන්. එයා මගේ ෆෝන් නම්බර් එක දීලා තිබුණා. ඒ ගෑණු කෙනා බෝයි එක්ක ආවේ ඒ විදිහට...“

“කොල්ලට වයස තිස් පහක් විතර ඇති. මම කිව්වා, මීට කලින් කරපු එකක්වත් වැරදිලා නෑ, බයවෙන්න එපා කියලා. මම ඒ ගෑනු කෙනාව සිහි නැති කරලා වැඩේ කළා. හරියටම හරි ගියා. පස්සේ තමයි පෝලිමට කස්ටමස්ලා එන්න පටන් ගත්තේ..“

“ගොඩක්ම ආවේ වයස අවුරුදු දහඅටේ විස්සේ ගාමන්ට් ගෑණු ළමයි. හොඳ පවුල්වල ඉගෙන ගත්තු ලොකු රස්සාවල් කරන අයත් ආවා. ඉස්කෝලේ යන වයසේ ගෑණු ළමයි දෙතුන් දෙනෙකුත් ඇවිත් ගබ්සා කරගෙන ගියා..“

“එක ගෑණූ කෙනෙක් ආවා. එයා ලොකු කම්පැණි එකක බොස්ගේ සෙක්‍රටි කෙනෙක්, කසාඳ බැඳලා නෑ, හැබැයි මිනිහා කසාඳ බැඳලා නෑ. ඒ මිනිහා මේ කෙල්ල එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිහින්. දෙන්නා හොඳට විනෝද වෙලා. අන්තිමට අර කෙල්ලගේ බඩට දරුවෙක් ඇවිත්. ප්‍රයිවට් හොස්පිට්ල් ගානේ ගිහින් ඇබෝෂන් කරගන්න. බැරිම තැන මගේ ළඟට ආවා ඉල්ලන ඕන ගානක් දෙන්නම් කියලා. ඒ මහත්තයා ආවේත් ප්‍රාඩෝ එකකින්. කෙල්ල රත්තරන් බඩු පුරවගෙන හිටියේ. හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්.. කෙල්ලගේ බඩට මාස තුනට අඩුයි. ඒ නිසා මට ඒක අමාරු උනේ නෑ. කළලය අරන් දාලා බෙහෙත් දුන්නා. මගේ අයකිරීම රුපියල් පහළොස් දහේ ඉඳලා විසිපන්දහස දක්වා. අර මනුස්සයා මට ලක්ෂයේ මිටියක් දීලා ගියා...‘‘

‘‘තව ගෑණු ළමයෙක් ආවා, බලද්දි එයා වර්ජින් කෙනෙක්. ඒ වුණාට ළමයෙක් ලැබෙන්න හිටියා. කරන්න දෙයක් නෑ. මම ඒ ගෑණු ළමයගේ බඹසර කැඩුවා. ඒ, අඬුවකින්. පස්සේ දරු ගැබ අයින් කළා. එයා ළඟ දෙන්න හරියට සල්ලි තිබුණෙත් නෑ. රුපියල් දාහ දාහයි තිබුණේ. මම ඒක අරගෙන යන්න කිව්වා...‘‘

“ඔය වගේ මගේ ළඟට ආපු සියලුම ගෑණු අය බොහෝම අසරණ තත්ත්වය පත්වෙලා හිටියේ. ඔය අතරේ ටිකක් මහත, පොඩියට බඩක් තියෙන අවුරුදු තිස්පහක ගෑණු කෙනෙක් ආවා. පළවෙනි දවසේ මගෙන් විස්තර අහලා ගිහින් ටෙලිෆෝන් කරලා වෙලාවක් ඉල්ලගෙන වැඩේ කරගන්න ආවා...‘‘

‘‘මම එයාව කාමරේට අරගෙන විස්තර අහලා ඇඳලා සිහිනැතිවෙන ඉන්ජෙක්ෂන් එක දෙන්න හැදුවා විතරයි, පොලීසියෙන් කණ්ඩායමක් ඇතුළට පැනලා මාව අත්අඩංගුවට ගත්තා. ඒ වෙද්දි ගබ්සා කරගන්න ආපු තුන් දෙනෙකුත් එළියේ හිටියා. ඒ ළමයිනුත් ජිප් එකට දාගත්තා. මගේ ළඟ තිබුණු සේරම නඩු භාණ්ඩ හැටියට ගත්තා. බලද්දි අර ආපු ගෑණු කෙනා පොලිස්කාරියක්...‘‘

‘‘මාව රිමාන්ඩ් කළා. නඩුව කතා කරන්න ලෝයර් කෙනෙක් ඇල්ලුවා. එයාට ලක්ෂයක් විතර දෙන්න වුණා. එයා කිව්වා මාව අනිවාර්යෙන්ම නිදහස් කරනවා කියලා. ඒත් එයාට, ඒක කරන්න බැරි වුණා.‘‘

‘‘නඩුවේ තීන්දුව දෙන්න කලින් නඩුකාරයා මට හොඳටම බැන්නා. මේ වගේ අපරාධ කරනවාද කියලා ඇහුවා. අන්තිමට මට අවුරුදු පහකට සිර දඬුවම් දුන්නා. අද මම ඇතුළේ....“


ඔහු ගබ්සාව නීති විරෝධී බවද පිළිගන්නවා. ඒ එක්කම ඔහු පවසන්නේ තමන්, තමාගේ සුබසිද්ධිය වෙනුවෙන් මේ දේ සිදු කළ බවයි.

මෙරට ක්‍රියාත්මක වන අපරාධ නඩු විභාග සංග්‍රහයට අනුව ගබ්සාව නොයෙක් ක්‍රමවලට අර්ථ දක්වා තිබෙනවා.

ගබ්සාවක් කරන අවස්ථාවේදී අඬු, කටු ආදිය පාවිච්චියට ගනු ලබනවා.

ඒවායෙන් කුසේ සිටින දරුවාට හානි සිදු වනවා. කළලය එළියට ගනු ලබන්නේ කඩා දමන ලද කැබලි ලෙසටයි.

සම්පූර්ණ දරුවෙකු එළියට ගන්නේ කලාතුරකින්. එයද අප්‍රාණික දරුවෙක්.

මේ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 317-329 වගන්ති ප්‍රකාරව දඬුවම් ලබා දිය හැකියි.

ඒවායෙන් කියැවෙන්නේ අන්තරදායක ආයුධ හා උපක්‍රම මඟින් බරපතල තුවාල සිදුකිරීම ගැන හා ඊට ලබාදෙන දඬුවම් මොනවාද යන්නයි.

කළලය මාස 3කට වඩා වැඩිනම් එය දරු උපතක්. ඒ අනුව මළ දරු උපතක් සැඟවීම යන චෝදනාවද එල්ල වනවා.

එම චෝදනාව දරුවාගේ මවටත් එල්ල වනවා. ගබ්සාව අර්ථ දක්වා ඇත්තේ දරුවකු පණපිටින් ඉපදීම වැළැක්වීම හෝ ඉපැදීමෙන් පසුව මිය යාමට සැලැස්වීමයි.

ඒ චෝදනාවලට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 16 උපවගන්තියට අනුව බරපතල වැඩ ඇතුව හෝ නැතුව වසර දහයක සිර දඬුවම් පැමිණවිය හැකියි. බොහෝවිට දඬුවම තීරණය වන්නේ මහේස්ත්‍රාත්වරයාගේ රුචිකත්වයට අනුවයි.

“අන්තර්ජාලය තමයි මේ හැමදේටම හේතුව...“ ඔහු අවසානයේදී කියනවා.

“තරුණ වයසේදි විතරක් නෙවෙයි, මැදි වයස ඉක්මවා යද්දිත් කාට කාටත් ලිංගික ආශා පහළ වෙනවා. ඉස්සර අපේ පාසලේ කට්ටිය ඒවා යටපත් කරගෙන පාඩුවේ හිටියා. අද ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට තහංචි නෑ. මුලින් ගේම් ගහන එක, පස්සේ ගූගල්, ෆේස්බුක්. ඒවායේ නැති දෙයක් නෑ. අසම්මත ක්‍රියාවලට ලිංගිකත්වය කරන හැටි කටින් කියලා දෙනවා. මේවා බැලුවම තරුණ වගේම මැදි වයසේ අයටත් ඇතිවන්නේ කුතුහලයක්. අන්තිමට සිද්ධ වෙන දේ වැරදීමක් හරි දරුවෙක් හැදෙන එක. ඒකට පිහිටවෙන්න තමයි මම උත්සහ කළේ. මම කියන්නේ ගබ්සාව නීතිගත කළ යුතුයි කියලා...‘‘

කෙසේ වෙතත්, අප රටේ ගබ්සාව නීතිගත කර නොමැති හෙයින් එය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකෙනවා.

ගබ්සාව සිදු කළ අයට පමණක් නොව ගැබ විනාශ කළ අයටද අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් පමුණුවනු ලබනවා.
gossip lanka