සිනමා නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් හමුවෙනවා - දිනිති

‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයේ ‘අභිෂේකා’ ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් දිනිති වල්ගමගේ පසුගිය කාලයේ සිරස රූපවාහිනියේ විකාශය වු ‘ෆිල්ම් ස්ටාර්’ රියලිටි තරගයේ නිවේදිකාවක් ලෙසද අප අතර ජනප්‍රිය විය. මේ දිනවල විකාශය වන ‘සිල්ලර සමණල්ලු’ ටෙලි නාට්‍යයේ දකින දිනිති ලබන වසරේදී සිනමා නිර්මාණ කිහිපයකින්ම දැකැ ගැනිමට ප්‍රේක්ෂක ඔබට හැකිවෙනු ඇති බව ඇය අපට පැවසීය.
මේ දිනවල චිත්‍රපටයක වැඩ කරනවා. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. දැනට ඒවාට ගිවිසුම් අත්සන් කරලාත් තියෙනවා. වේදිකාවටත් ලබන වසරේදී සම්බන්ධ වෙනවා. ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ දෙවැන්න ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී මාව ඒ ටෙලි නාට්‍යය තුළිනුත් දකින්න පුළුවන් වේවි.